වෛරසයෙන් ස්පාඤ්ඤ්යේ සාත්තු නිවාසයක 17 දෙනෙකු එකවර මියයාම පිළිබඳව පරීක්ෂණ

ස්පාඤ්ඤ්යේ මැඩ්රීඩ් නගරයේ පිහිටි Monte Hermoso නමැති සාත්තු නිවාසයට ඇතුලත් කල 17 දෙනෙකු පමණ එකවර මිය ගොස් ඇති අතර , මේ වන විට එරට රෝගීන්ගේ අයිතීන් උදෙසා පිහිටවූ සංවිධානය ඒ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. මෙම සාත්තු නිවාසය ඉතා අඩු පහසුකම් මධ්‍යයේ පවත්වාගෙන ගොස් ඇති අතර, දින ගණනක් කිසිදු පහසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කට යුතු කර ඇති බවත් දින කිහිපයක් අඳුරේ රෝගීන් ගත කල බවත් ඥාතීන් චෝදනා කරයි. යුරෝපයේ ඉතාලියෙන් පසුව වැඩිම හානියට පත්ව ඇති රට ස්පාඤඤයයි. එරට වෛද්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව අද (18) රාත්‍රීය වනවිට 17,361දෙනෙකු වෛරස් ආසාදිතයින් ලෙස රෝහල් ගත වී ඇති අතර, අද දිනය තුල පමණක් 2,943 දෙනෙකු ආසාදිතයින් අතරට එක්විය. මේ වන විට එරට දී සුවය ලැබූ සමස්ත පිරිස 1,081 ක් වන අතර මිය ගිය පිරිස 638 දක්වා ඉහල නැග්ගේය . අද දිනය තුල පමණක් 105 දෙනෙකු මරුමුවට පත් විය .
උපුටා ගැනීම Russell CP Bandarawatta මුහුණු පොතේ   පිටුවෙන්

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...