Breaking News

ලංකාවේ කොවිඩ් අධි අවදානම් කලාප ඇතුළත් සිතියමක් නිකුත් වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය පැතිර යාම අතින් අධි අවදානම් ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථානවල විසිරීම මත පදනම්ව මෙම සිතියම නිකුත් කර ඇත.

මේ සඳහා සළකා බලා ඇත්තේ මැයි 08 වනදායින් අවසන් වූ ඊට පෙර දින 14 තුළ වාර්තා වූ ඒවා යි.

මින් රතු වර්ණයෙන් දක්වා ඇත්තේ අධි අවදානම් දිස්ත්‍රික්ක වන අතර, කොළපාටින් දක්වා ඇත්තේ අඩු අවදානම් කලාපයි. කහපාටින් දක්වා ඇත්තේ මෙම කාලය තුළ රෝගීන් වාර්තා නොවූ ප්‍රදේශයි

leave a reply