ලෝක බැංකුව ණය දෙන්න බෑ කියයි

මේ අතරතුරේ ලෝක බැංකුව නිවේදනය කළේ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව යි.

නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බවට පළවූ මෑතකාලීන මාධ්‍ය වාර්තා සාවද්‍යයැ යි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව කර ඇත.

උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ණය වැඩසටහනක් සඳහා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කරමින් සිටියි.

එහි පළමු වටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡා මැයි 24 වැනිදා අවසන් විය.

අදාළ සාකච්ඡා සාර්ථකකොට ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ IMF සමග ගිවිසුම්ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4ක කාලය අභියෝගාත්මක බවත්, ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.

මැයි 24 දා පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ඔහු මේ බව පැවසීය.

තමා ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර, ආර්ථික ස්ථාවරත්වය ද, පුළුල්ව පදනම් වූ වර්ධනය ද ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීමට IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු සිදුකරමින් සිටින බව ලෝක බැංකුව පවසයි.

අත්‍යවශ්‍ය ඖෂධ මිළට ගැනීම, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ගෘහ ඒකක සඳහා තාවකාලිකව මුදල් ලබාදීම, අවදානමට ලක්විය හැකි පවුල්වල දරුවන්ට පාසලේ දී ආහාර ලබාදීම, සහ ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා ආධාර කිරීමට රජයට උපකාර කිරීම සඳහා පෙර අනුමත කරන ලද ව්‍යාපෘතිවල සම්පත් දැනට නැවත සකස් කරමින් සිටින බව ද ලෝක බැංකුව නිවේදනය කර තිබේ.

ලෝක බැංකුව , ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැනි ආයතනය ණය ලබාදීමේදී විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීම සුපුරුදු පරිදි සිදුවෙන්නක් වන අතර මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ එම කොන්දේසි බහුතර ජනතාවකට හිතකර නොවීමයි. ලෝක බැංකුව එක් ආකාරයකින් මේ පවසා සිටින්නේ තමන්ගේ කොන්දේසිවලට එකඟ වන්නේ නම් පමණක් නය ගැන සිතිය හැකි බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...