අවුරුදු හයකට පෙර ‘බර අවි’ ගැන

“යාපනය හින්දු විද්‍යාලයේ සිට නිවස බලා යමින් සිටි ශිෂ්‍යාවක්‌ 9 දා සවස විජලනය නිසා මියගොස්‌ ඇතැයි යාපනයේ මනිපායි පොලිසිය පවසනවා.

17 හැවිරිදි මෙම සිසුවිය පාසල නිමවීමෙන් පසුව කන්කසන්තුරේ සූදුමලෙයි උතුරු ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස වෙත යමින් සිට ඇත්තේ පාපැදියකිනි.මෙම දුර ප්‍රමාණය කිලෝමීටර් 35 ක්‌ පමණ වන අතර ඇය අතරමග පිහිටි වෙළෙඳසළක්‌ අසල පාපැදිය නවත්වා බීමට ජලය ඉල්ලා තිබෙනවා”-පුවතක්

තිස් වසක් වෙඩි වැදුණු දුක දරන් පපුතුරේ
දා හතත් ගෙවෙනකොට ජිවිතේ චක්කරේ
දස පැයක් සටන් වැද සමග සත් සනුහරේ
තිස්පහත් සැතපුමකි කටුක වැල්වැටිතුරේ

පදිනකොට සැතපුමක් බ්‍රේක් නැති සයිකලේ
මට මතක් වෙන්නේ ම අප්පා ය වින්කලේ
මයේ ගැන හිත හිතා උන්දෑ තනි පංගලේ
පෝක් ඇද අරිනවැති ජිවිතේ රීම් එකේ

පේනකොට හිස් අහිමි තල් ගසුත් මග දිගේ
හීනෙකින් ඇහෙන්නෙ ම සද්දෙමයි ෂෙල් එකේ
වෙඩි ලකුණු හරි හැඩයි පහු කරපු කෝවිලේ
ඉතිං මොන තනියක් ද යමං පුස් සයිකලේ

බබා මෝටාරයක් ඇවිත් මැයි ගණඳුරේ
අම්මාගේ හිත ගද්දි අපි ඉද්දි වාකරේ
උන්දෑ තෙපලූ වදන් ගිලී රත් සාගරේ
ඇහෙනවා යන්තමට හිතේ දුක දුරු කෙරේ

ඉර එබී ඔච්චමට තනි රකින වෙලාවට
දිව ගිලෙයි පේනවා කලු වෙලා නිල් අහස
ජිවිතේ දුර වැඩියි ගෙවා නිම කළ ය
ඉතිං මට අවසර ද ටිකක් නැවතී යන්න

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...