Breaking News

ආඥාපනතත් උල්ලංගනය කර වීරගොඩ වැව හරන්නට වනජීවීය අවසර දිලා

චන්දන ලියනාරච්චි

බුද්ධංගල අභයභූමියේ වන සතුනගේ නිදහසට බාධා කරමින්, ස්වභාවික බේරු කලාපය විනාශ කරමින්, පරිසර වාර්තා නොමැතිව, ආඥාපනත උල්ලංගනය කර වීරගොඩ වැව හරන්නට වනජීවීය අවසර දිලා

අම්පාර බුද්ධංගල අභයභූමියට අයත් වීරගොඩ වැව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ සදහන් කරුනු ගණනාවක් පැහැර හැර ගොඩ කරනු ලබනු බව ගම්වාසින් පවසා සිටිති.

එම ආඥාපනතේ සදහන් පරිදි අභයභූමියක් තුල යම් සංවර්ධන ක්‍රියාත්මක කරනවා නම් පරිසර වාර්තාවක් ගත යුත වන අතර එවැනි වාර්තාවක් මෙම කැණීම සඳහා ලබා ගෙන නැත.

ජාතික පරිසර පනතේ සඳහන් පරිදි යම් හේක්ටයාර් එකකට වඩා වැඩි වනාන්තර කාලපයක් සුද්ධ කරනවා නම් IEA වාර්තාවක්ද හේක්ටයාර් දහයකට වැඩි නම් EIA වාර්තාවක් ලබා ගත යුතුය. පනතේ සඳහන් කරුණු ගණනාවක් උල්ලංඝනය කරමින් මෙම වැව හෑරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.

අම්පාර බුද්ධංගල අභයභූමියට අයත් මෙම වැව වනජීවී නිලධාරීන් විසින් එම දෙපාර්තමේන්තුවට හෝ අදාල අඥාපනතට අදලා නොවන බවට සඳහන් කරමින් ඉහලට වාර්තා සපයා ඇත.

මේ පිළිබඳව විමසීමක් සිදු කල විට වනජීවී නිලධාරී කිත්සිරි මෙවන් මහතා සදහන් කර සිටියේ අභයභූමියට අදල නැති බවත් එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුවන බවත්ය. නමුත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල 1:50000 සිතියම එයට සාක්ෂිදරයි.

අම්පාර වීරගොඩ වැව වැවක්ම නොවන අතර එය වම් ඇලේ ජලය රැදවුම් මධ්‍යස්ථානයකී. ජලාශය ඉදිකල දින සිට වම් ඉවුර සම්මන්තුරේ ප්‍රදේශයේ කුඹුරු සඳහා ජලය නිකුත් කිරිමට මෙම වැව උපයොගී කර ගනු ලබයි.

එය හෑරිම ගැන ගැටළු රැසක් ඇත. ඒ ගැටළු පිළිබඳව මේ වන විටත් විවිධ පරිසරවේදීහු තොරතුරු එක් රැස් කරනු ලබන අතර මෙම වැව හැරීම හේතුවෙන් අභයභූමියට සිදුවන හානිය අති විශාලය.

කුඹුරු කරන කාලය තුල මෙම බුද්ධංගල අභයභූමිය තුල වන අලින් 180 පමණ සිටින අතර එම අලින් ආහාරයට ගන්නා බේරු සහිත විශාල කලාපයක් මෙම වැවේ ස්භාවිකව වැඩී තිබේ. වැව හෑරීම හේතුවෙන් එම කලාපය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ.

මෙසේ වැව හෑරීම හේතුවෙන් වන අලිනට ආහාර නැතිවන අතර වන අලින් ආහාර සොයා ගම්වැදීම ඉදිරියෙදී වැඩි විය හැකි බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙති.

විවිධ පක්ෂින්, කිඹුලන් ඇතුළු වන සතුන් හට මෙහි නිර්මාණයවී ඇති ස්වභාවික පරිසර පද්ධතිය මේ අනුව අහිමි වෙයි.

අද වන විට එය වැලි ගොඩ දමන නිලලත් ජාවාරමක් බවට පත්ව තිබෙන බව ගම්වාසින් කියති. නමුත් ඇතැම් අය දී කිරටද සාක්ෂි දෙන නිසා එය ගොඩ දමන ඉල්ලමක් බවට පත්ව ඇත.

මෙම වැව හෑරීම සිදු කිරිමේ උනන්දුව මත වනජීවී ලේඛන තුලින් සහ බුද්ධංගල අභයභූමියෙන් වීරගොඩ වැව ඉවතට දමා ඇති අතර මිනිදෝරු දෙපාර්තමේන්තුව නිකුත්කල සිතියමේ එය අභයභූමිය තුල දක්නට ලැබේ. නීතිය දන්න අයට මෙය තවත් මාතෘකාවක් වනු ඇත.

ඡායාරූප: චන්දන ලියනාරච්චි

leave a reply