අන්තරේට චරිත සහතික දෙන්න , භික්ෂු විනය ගැන කතා කරන්න මොහු කවුද?

Date:

ඩැන් ප්‍රියසාද්  නැමැති දේශපාලන කසළ ශෝධකයා අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා.ඔහු මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබෙන්නේ පොලිසියට උපදෙස් ලබා දීමට බව පැහැදිලි වෙන කරුණක්.  පොලීසිය අත්අඩංගුවට ගත යුතු අය සහ පොලිසිය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව  මෙහිදී සඳහන් කරන  මේ තැනැත්තා  අන්තරය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ  කර  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් ගේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ත්‍රස්තවාදීන් බිහි කරන බවට  මතයක් සමාජගත කරන්න උත්සාහ දරනවා.  පැහැදිලිවම මේ පුද්ගලයා සිදුකරමින් සිටින්නේ සමාජය භීතියට පත් කිරීමක්.  පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් වන අතර අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍යබල මණ්ඩලය  ලංකාවේ ජනතාව අතර කීර්තිමත්ම  දැවැන්තම ශිෂ්‍ය ව්‍යාපාරය.

මෑත කාලයේ විවිධ කරුණු මත ආගමික අපහාසය නැමැති  බොරුවට මුවාවී  අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස  මර්දනය කරන්න සැලසුම් සහගතව ක්‍රියාත්මක වන මොවුන්  රනිල් රාජපක්ෂලාගේ  සුරතලුන් බව සමාජය දනී.  ඉහළ දේශපාලන රැකවරණ සහිතව සමාජය තුළට නැවත  පැමිණ පිළිල සේ වැඩෙමින්  ජාති ආගම්  ගැටුම් ඇතිකර  ජනතාව භේද බින්න කිරීමට සූදානම් වන  මේ දේශපාලන කසළ ශෝධකයන් මට්ටු කිරීමේ කාර්යය සමාජය භාර ගත යුතුව තිබේ.

ඩැන් ප්‍රියසාද් ගේ අදහස් දැක්වීම තුළ තිබුණු කරුණක් පිළිබඳව අපි සමාජයේ අවධානය යොමු කරනවා. මේ කරුණ සම්බන්ධයෙන් අපි සමාජයට දැඩි අවධානයක් යොමු කරන්න යැයි ඇඟිල්ලෙන් ඇන පවසන්නේ  ආණ්ඩුවේ ගමන් මග ඩැන් ප්‍රියසාද් ගේ ප්‍රකාශය තුළ  සැඟව ඇති බවට අපට සැක හිතෙන නිසයි. සාමකාමීව ද්ඝෝෂණය කරන ශිෂ්‍යයන්ව දිගින් දිගටම මර්දනය කරමින් පලවා හරිමින් බැටන් ප්‍රහාර එල්ල කරමින් කුපිත කරනු ලබන්නේ  පොලීසිය ඇතුළු කැරලි මර්දන කණ්ඩායම්. මේ  අවස්ථාවලදී ශිෂ්‍යයන් ගල් මුල් වලින් දමා ගැසීම ලංකාවට පමණක් ආවේණික සිද්ධියක් නොවන අතර  උද්ඝෝෂණ අරගල සිදු වන හැම තැනකම ලෝකයේ එවන් දේ සිදුවෙනවා.  පොලිසිය උද්ඝෝෂණ කරුවන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන තැනට වැඩ කළ විට පෙරළා පහර දීම සෑම කෙනෙකුම සිද්ධ කරනවා.  එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව  ලෝකයම දන්නා අතර ඩැන් ප්‍රියසාද් නැමති පුද්ගලයා එය නොදන්නා කරුණකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිටුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් සිටින බවත් ඔහු ක්‍රමානුකූලව ශිෂ්‍යයන්ගේ මනස ත්‍රස්තවාදී මනසක් බවට පරිවර්තනය කරන බවත්  පවසන මේ පුද්ගලයා  ඊයේ ගල්මුල්  වලින් දමා ගැසූ ශිෂ්‍යයා වෙනුවට  දිනකදි අවි ආයුධ ගෙන මහමග පොලිස් නිලධාරීන් මරා දමන ත්ත්වයට පත්වන බව ප්‍රකාශ කරනවා.  අනාගතයේ ශිෂ්‍යයන් අවි අරගෙන පොලිස් නිලධාරීන් පාරේ මරා දමනවා ඉන් පසුව පොලිස් නිලධාරීන් ට සිද්ද වෙනවා  ශිෂ්‍යයන්ට වෙඩි තියන්න. එහෙම වුණොත් මේ රට ලේ ගංගාවකට යන තැනට මඟ  නිර්මාණය වෙනවා කියලා ඔහු කියනවා .

ඩැන් ප්‍රියසාද් ගේ මාධ්‍ය සාකච්ඡාවට පොලිසිය අවධානය යොමු කළා නම් මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනි මේ පුද්ගලයව.  එකට හේතුව තමයි ඔවුහු ත්‍රස්තවාදී කණ්ඩායමක් පිළිබඳව තොරතුරු දන්නා ආකාරයෙන් සමාජයට මුදාහරින මේ ප්‍රකාශය.  මේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබෙන්නේ සමාජය භීතියට පත් කිරීම.  සාමකාමී සමාජයක පැවැත්ම වෙනුවෙන් එය අහිතකර තත්ත්වයකි .

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...