ඒ අතර ජනතාව වෙනුවෙන් වන රජය වියදම් කපනවා. විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් කපනවා. 2025 වසරේ වෙන් කළ ප්‍රාග්ධන වියදමෙන් 30%ක් පමණ වියදම් නොකර නැවත හරවා යැවීම භාණ්ඩාගාරයට මුදල් ඉතිරි කර ගොඩගසා ගැනීම සඳහා සිතාමතා කළ දෙයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය සිය ප්‍රතිපාදන වලින් 60%ක් හරවා යවා තිබිය දී: ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ හිඟය, උපකරණ අබලන් වීම, කාර්යමණ්ඩල හිඟය යනාදි දහසක් ප්‍රශ්නවලින් රෝහල් පද්ධතිය රෝගී වී තිබෙනවා. 2026 වසරේ අමාත්‍යංශ ගණනාවක ප්‍රාග්ධන වියදම් 2025 වසරටත් වඩා කපලා. මෙහෙම තමයි භාණ්ඩාගාරය පුරවන්න හදන්නේ.
පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන වියදම් 2025දී බිලියන 99.3 සිට 2026දී බිලියන 98.9 දක්වා කපලා. පෙළපොත් මුද්‍රණයට කරන වියදම 2025 සිට 2026ට යද්දී රුපියල් මිලියන 500කින් අඩු වෙලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දිළිඳු පාසල්වල දරුවන්ට ශිෂ්‍යාධාරය දෙන මුදලත් රුපියල් මිලියන 45කින් අඩු කරලා. ක්‍රීඩා පාසල්වල සිසුන්ට පෝෂ්‍යදායී ආහාර සඳහා වෙන් කරන මුදල රුපියල් මිලියන 80කින් අඩු කරලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වන මුදල බිලියන 134.5 සිට 131.3ට කපලා. ඒ සොච්චමෙනුත් බිලියන 7.5ක් වෙන් කරලා තියෙන්නේ කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලයට. රජයේ විශ්වවිද්‍යාල වාහන මට්ටමට දානවා. ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදම් බිලියන 435 සිට 390ට කපලා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදම් බිලියන තුනකින් කපලා. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කිව්වට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදමත් තුනෙන් එකකින් කපලා. වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය යනාදි ජනතාවට සේවා සපයන අමාත්‍යංශ ගණනාවක ප්‍රාග්ධන වියදම් කපා හැරලා.
Breaking News
-
වර්තමාන නීතිපතිවරයාට එරෙහි විරෝධයක් මතු වී තිබෙන අතර එහිදී බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ වර්තමාන නීතිපතිවරයා…
-
අපේ රටේ බොහෝ දෙනෙක්ට තවමත් පාරිසරික ව්‍යසන සහ ආපදා අවස්ථාවලදී පෙර සූදානම් වීම් පිළිබඳව පැහැදිලි…
-
එංගලන්තය තුළ අවුරුදු 16 ට අඩු අයට සමාජ මාධ්‍ය වේදිකා වලට පිවිසීම තහනම් කරන ලෙස…
-
නීල් ක්‍රිස්ටෝපර් ඊනියා සමාජවාදී යථාර්තවාදය සෝවියට් දේශයේ ‘නිල’ සාභිත්‍ය කලා දෘෂ්ටිවාදය වූ සන්දර්භයෙහි හතු පිපුණේ…
-
දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීඇති පසුබිමක හිටපු කථානායක අශෝක රන්වලට තම ආචාර්ය…
-
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් කරන ලද නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකික සේවකයින් මිලියන…
-
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පවත්වන්නට නියමිතව…
-
" මතකයක භූමියක් හිමි අයෙක්" යන අරුත් දනවන කාව්‍යය නිර්මාණය ( රාත්‍රිය මත රතු කුරුල්ලෙක්…
-
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණියේ සංවිධායකවරු සංවිධානය කර තිබුණු තරුණ සමුළුවකට ජනවාරි 18 වන දා…
-
නරියාගේ අවමංගල්‍යය දිනක් කිකිළියන්, අඩි පාර මැද නරියකු වැටී සිටිනු දුටුවා . උගේ ඇස් පියවී…






