ඒ අතර ජනතාව වෙනුවෙන් වන රජය වියදම් කපනවා. විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් කපනවා. 2025 වසරේ වෙන් කළ ප්‍රාග්ධන වියදමෙන් 30%ක් පමණ වියදම් නොකර නැවත හරවා යැවීම භාණ්ඩාගාරයට මුදල් ඉතිරි කර ගොඩගසා ගැනීම සඳහා සිතාමතා කළ දෙයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය සිය ප්‍රතිපාදන වලින් 60%ක් හරවා යවා තිබිය දී: ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ හිඟය, උපකරණ අබලන් වීම, කාර්යමණ්ඩල හිඟය යනාදි දහසක් ප්‍රශ්නවලින් රෝහල් පද්ධතිය රෝගී වී තිබෙනවා. 2026 වසරේ අමාත්‍යංශ ගණනාවක ප්‍රාග්ධන වියදම් 2025 වසරටත් වඩා කපලා. මෙහෙම තමයි භාණ්ඩාගාරය පුරවන්න හදන්නේ.
පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන වියදම් 2025දී බිලියන 99.3 සිට 2026දී බිලියන 98.9 දක්වා කපලා. පෙළපොත් මුද්‍රණයට කරන වියදම 2025 සිට 2026ට යද්දී රුපියල් මිලියන 500කින් අඩු වෙලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දිළිඳු පාසල්වල දරුවන්ට ශිෂ්‍යාධාරය දෙන මුදලත් රුපියල් මිලියන 45කින් අඩු කරලා. ක්‍රීඩා පාසල්වල සිසුන්ට පෝෂ්‍යදායී ආහාර සඳහා වෙන් කරන මුදල රුපියල් මිලියන 80කින් අඩු කරලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වන මුදල බිලියන 134.5 සිට 131.3ට කපලා. ඒ සොච්චමෙනුත් බිලියන 7.5ක් වෙන් කරලා තියෙන්නේ කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලයට. රජයේ විශ්වවිද්‍යාල වාහන මට්ටමට දානවා. ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදම් බිලියන 435 සිට 390ට කපලා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදම් බිලියන තුනකින් කපලා. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කිව්වට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදමත් තුනෙන් එකකින් කපලා. වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය යනාදි ජනතාවට සේවා සපයන අමාත්‍යංශ ගණනාවක ප්‍රාග්ධන වියදම් කපා හැරලා.
Breaking News
-
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරමින් පවසන්නේ , සාමාන්‍ය…
-
ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත…
-
ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන් බලපත්‍රය සඳහාද හඳුන්වා දීමට ආණ්ඩුව තීරණය…
-
රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් එයට නිශ්චිත ක්‍රියාවලියක් පවතින බවත් කැබිනට්…
-
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත හිමිකම් ප්රාග්ධනය සලසා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මෙරට පොදු…
-
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය…
-
දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය…
-
නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර…
-
උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට සැපයීමේ චෝදනාවට වැරදිකරු වූ නිව් රත්න සහල්…
-
2011 වසරේදී දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන්…






