ගුරුවර උපහාර පිණිස දිනයක් වෙන් කල යුතුද?

සෑම වර්ෂයකම ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝම්බර් පස් වැනිදාත්, ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරණ ඔක්තෝම්බර් හය වැනිදාත් වැනි දවස් සැමරීම අත්‍යවශ්‍යයෙන් ම සිදුවිය යුතුය. වර්තමාන සමාජය තුල විශේෂ වු දින සැමරීම පිළිබඳව විවිධ වූ මතවාද පැවතියද විශේෂ වු සිද්ධීන්, පුද්ගලයන් සිහිපත් කිරීම, උපහාර දැක්වීම, කෘතගුණ සැලකීම උදෙසා එවැනි එක් දිනක් හෝ පැවතීමෙන් ලෝකය සමඟ අති ධාවනකාරී වේගයකින් ඉදිරිය බලා දිව යන ඔබට, මට, ගුරුවරයා බැතියෙන් සැමරීමට සිහිපත් වේදැයි සිතා බැලීම වටී.

දරුවා මෙලොවට බිහි කල දෙමාපියන් හා, පවුලේ වැඩිහිටියන් හැරුණුකොට, පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට දරුවා, නැළැවෙන්නේ, ගී කියන්නේ, තාල තබන්නේ, ලෝකය උගන්නේ ගුරුවරයා ඇසුරෙහිය.

දරුවෙකුට ළමාවිය සංවර්ධන ක්‍රියාකාරකම් සමඟ පොතපතේ දැණුම, යහපත් චර්යා ධර්ම, ගුණදම් උගන්වා සමාජ ගත කිරීම උදෙසා ගුරු මව්පිය වරුනට විෂය සම්බන්ධ දැණුම පමණක් නොව, අධ්‍යාපන දර්ශනය, මූලධර්ම, ළමා මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව ඇතුලු විසිරී ගිය ක්ෂේත්‍ර ගණනාවකම පුළුල් දැණුමක් තිබීම අගනේ වන අතර මූලික දැණුම හෝ තිබිය යුතුමය. ඒ සාක්ෂාත් කරගැනීම සඳහා ගුරුවර මව්පිය වරු නිරන්තරව වෙහෙස වෙති. අලුත් උගැන්වීම් ක්‍රම සම්බන්ධයෙන් නිරන්තරව යාවත්කාලීන වීමට කටයුතු කෙරේ.

අතීතයේදී මෙන් නොව, සියල්ල ඩිජිටල්කරණය වී ඇති පසුබිමක් තුල ගුරුවර භූමිකාවද ඒ අනුව යමින් පරිවර්තනයට ලක්ව ඇත. අතීතයට වඩා දියුණු තාක්ෂණික වටපිටාවක් තුල වර්තමානයේ ජීවත් වන දරුවන් දියුණු තාක්ෂණික මෙවලම් සමඟ බද්ධව වැඩෙන බැවින්, එවැනි දරුවෙකු සමඟ කටයුතු කිරීමේදී ගුරුවර භූමිකාව ද තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කර ඇත. කල යුතුව ඇත.

එවැනි පසුබිමක් තුල වුවද, දරුවෙකුගේ කායික, මානසික වර්ධනය උදෙසා ගුරුවරයාගේ කාර්ය භාරය එදාටත් වඩා වැඩියෙන් සංවිධානය වීම අවශ්‍ය ව ඇත.

ඒ හෙයින් ගුරුවරයා යනු දරුවෙකුව සිටින අවධියේදී පමණක් ගරු කලයුතු විශිෂ්ට වූ චරිතයක් නොව, ඒ දරුවාම මතු දවසක වැඩිහිටියෙකු වූ පසුවද සිහිපත් කල යුතු, ආචාර කලයුතු, උපහාර දැක්විය යුතු , කෘතගුණ සැලකිය යුතු මාහැඟි ශ්‍රේෂ්ඨ චරිතාපදානයකි.

ආදරණීය වු ගුරු මව්පිය වරුන්ගෙන් ශිල්ප හා ජීවිතය උගෙන රටට හිතැති, වැඩදායි පුරවැසි කාන්තාවක ලෙස
එම ගුරු මව්පිය වරුනට උපහාර පිණිස මෙය ලියන්නට යෙදුනි.


දර්ශනීගේ සටහන 1 – යුද්ධය නිසා දෙමාපියන් අහිමි වූ දරුවෝ

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...