Breaking News

ප්‍රංශයේ ගිනි තපින මිදිවැල්

මෙය පුදුම සහගත අලුත් සිදුවීමක් නෙවෙයි. මීට වසර හතරකට පමණ ඉහත දී මේ පිළිබඳව අපි  විවරෙන් වාර්තා කර තියනවා. සිසිර ඍතුව අග වසන්තයේ මුල  යුරෝපයේ ගස්වැල් වල දළු රිකිලි අතු මල් කොළ හට ගැනීම ආරම්භ කරනවා. බොහෝ ගස් වල කොළ වලට කලින් එන්නේ මල්.මේ මල් විනාශ වුනොත්  ඵල හට ගන්නේ නෑ. නැවත ඒ ගස්වල හෝ වැල්වල ඵල හට ගන්නේ ලබන වසරේ වසන්තයේ එන අලුත් දල්ලේ පමණයි.

මේ අපි කියන්න යන කතාව   මේ දිනවල දලු ලන මිදි සහ තවත් පළතුරු කිහිපයක් පිළිබඳවයි. මේ ගෙවෙන්නේ මිදි වැල් වල දළු එන කාලේ. ප්‍රථම දල්ලේ තමයි  ළදරු මිදි පොකුරු හට ගන්නේ.   මේ ළදරු මිදි දළු විනාශ වුනොත් ඒ වැලේ එල  නැති වෙනවා.  මෑත ඉතිහාසයේ දශකයකට ආසන්න කාලය තුළ මේ ස්වභාව ධර්ම චක්‍රය අසාමාන්‍ය ලෙස අක්‍රමවත් වී තිබෙනවා. වසන්තයේ සෞම්‍ය දේශගුණික  තත්ත්වය වෙනුවට එකපාරටම අධික සීතල  සමහර දින වලට ඇතිවෙන රශ්නය අක්‍රමවත් ලෙස වෙනස් වීම තුළින් මේ ගස්වැල්වල ක්‍රියාවලිය අඩපන කරන්න හෝ අලුත උපදින දළු විනාශ කරන්න ඉවහල් වෙනවා.

මේ අසාමාන්‍ය කාලගුණික වෙනස් වීම වඩාත් දරුණු ලෙස  බලපා තිබෙන්නේ මිදී වැල්වලට.  මේ හේතුව නිසා ප්‍රංශයේ සුළු පරිමාණ මධ්‍යම මිදි ගොවියෝ  වසරේ ඵලදාව අහිමිවීමේ අනතුරට මුහුණ පා සිටී.පසුගිය සතියේ හදිසියේ  උෂ්ණත්වය පහළ වැටීම හේතුවෙන්  මේ මිදී වගා කරුවන්ට අකරතැබ්බයට මුහුණ දෙන්නට සිදු වී තිබේ.  පසුගිය සතියේ හදිසියේම  උෂ්ණත්වය සෘණ 6කට පහත වැටීම නිසා  මේ අවිනිශ්චිත අකරතැබ්බයට මුහුණ දෙන්න සිදු වී තිබේ. පසුගිය කාලය පුරාවට මෙවැනි තත්ත්වයන් ඇති වුණත්  ගෙවුණු කාලයට සාපේක්ෂව මෙවර ඇතිවී තිබෙන තත්ත්වය බරපතළ බව ප්‍රංශ මිදි වගා කරුවන් පවසනවා.

1991 ,1997 සහ 2003  යන වර්ෂ වල ද මෙවැනි තත්ත්වයන් ඇති වී තිබුණ ද එම වසර වල් වලට වඩා මෙවර අවිනිශ්චිතව පැමිණි සීතල හේතුවෙන් වී ඇති විනාශය වැඩි බව ඔවුන්ගේ තක්සේරුවයි. මේ වසරේ අපේක්ෂිත ඵලදාව මේ හේතුව නිසා සියයට 50 කින් පහත වැටීමට  ඇති ඉඩකඩ වැඩිය.

සිදුවීමට නියමිත විනාශය අවම කර ගැනීම සඳහා මේ දිනවල විශාල මිදි වතු යායවල් වල ගිනිමැල ඇවිලීම සුලබ දසුනක් බවට පත්වී තිබේ.  මිදි වැල්වල අලුත උපදින දරු රාත්‍රි කාලයේදී උෂ්ණත්වය පහත වැටීම හේතුවෙන් ශීතලෙන් විනාශ වීම වැළැක්වීම සඳහා ඔවුන් මේ වතුයායවල් තුල  උෂ්ණත්වය රඳවා ගැනීම සඳහා මේ උපක්‍රමය භාවිතා කරයි.

ඈත සිට බලන්නෙකුට මේය මනරම් දසුනකි. නමුත් ගොවියන්ට එය කටුක අත්දැකීමකි.

මේ වීඩියෝව 2021 අප්‍රියල් 6 වනදා නිකුත් කළ එකකි

leave a reply