ජනතාව පීඩාවට පත්කරමින් හෝද හෝද මඩේ දාන සෙල්ලකන්දේ කුණු කන්ද

Date:

මීගමුව සෙල්ලකන්ද පාරේ මීගමුව බස් ඩිපෝව අසල නිතර එකතුවන කුණු පාර්සල් නිසා කුණු කන්දක් නිර්මාණයවී ඇත. මේ හේතුව නිසා සෙල්ලකන්ද පාරේ මෙම ස්ථානයෙන් ගමන් කරන්නන් නාසය හකුළුවා ගෙන හෝ මුහුණ හකුළුවා ගෙන යන්නේ කුණු පාර්සල් වළින් හමන දුර්ගන්ධය නිසාවෙනි. නිතරම එකතුවන කුණු නිසා යන එන අය දැඩි අපහසුතාවයකට පත්වන නමුත් මේ කුණු කන්ද ස්ථිර ලෙස ඉවත් කර විසඳුමක් ලබාගැනීමට අවට ප්‍රදේශවාසීන් සමත් නොවීය.

මෙම භූමිභාගය අයත් වන්නේ මීගමුව බස්ඩිපෝවටය. එසේම එය පිහිටා ඇත්තේ මීගමුව සහ කටාන දේශසීමාවෙහිය. ඒ නිසා වගකිවයුත්තන්ගේ කඹ ඇදිල්ලක්ද පවතින බව ප්‍රදේශවාසීන් පවසති .

විවිධ පිරිස් පැමිණ මෙම ස්ථානයට කුණු පාර්සල් දමා යති . මෙකී පාර්සල් අතර මස් කටු , කුණු මාළු ආදියද ඇත. ඒ බැවින් මේවා කපුටන් සහ බල්ලන් විසින් ඇදදැමූ පසු ඒවා පාරේ තැනින් තැන විසිර පවතී. එවිට මග යන එන අය එම අපද්‍රව්‍ය මැඩගෙන යා යුතුය .

ප්‍රදේශවාසීන් විසින් විවිධ මාර්ග වළින් බලපෑම් කළද මෙහි කුණු දමායන අය ඒ කිසිවක් නොසළකමින් තමන්ගේ ක්‍රියාව අඛන්ඩව ක්‍රියාත්මක කරයි. වැඩිවශයෙන් මේවා දමා යන්නේ රාත්‍රි කාලයේදීය. මෙහිදී සමහර පුද්ගලයින් ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන අවවාද කර යවන ලදී. මීගමුව පොලීසියද මේ පිළිබඳව කටයුතු කල නමුත් ඒ කිසිවකින් පලක් වූයේ නැත .

මෙකී සියළු තත්වයන් සළකා බලා මේ සඳහා පියවරක් ගන්නා ලෙස අප අදාල බලධාරීන්ට අවධාරණය කර සිටිමු .

මීගමුව මහ නගරසභාවෙන් පැමිණ කුණු රැගෙන යන නමුත් එසේ රැගෙන ගිය පසු නැවත ඉක්මනින්ම එම ස්ථානයේ කුණු පාර්සල් ගොඩගැසේ. මෙහිදී තමන්ගෙ වුවමනාව ගැන පමණක් සිතා කටයුතු කරමින් අනෙකා පීඩාවට පත්කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද වේ. තවත් පැත්තකින් පනුවන්ද සහිත ඕජස් ගලන කුණුවූ මස් ආදිය නිසා පාරිසරික දූෂණයක්ද ඇතිවේ.

නමුත් සෙල්ලකන්ද පාර අවසන් වන ස්ථානයේ සිදුවන මෙම දුගඳ හමන නොමිනිස් ක්‍රියාව වසර ගනනාවක් තිස්සේ සිදුවෙමින් පවතී .

ප්‍රදේශවාසී ජනතාවෙනි !
බලධරයෙනි!

මේ සඳහා වහා පියවරක් ගැනීම ඔබ සියළු දෙනා සතු වගකීමක් සේම යුතුකමක් බව අපි අවධාරණය කර කියා සිටිමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...