රූමස්සල හෝටල් මාෆියාවේ පිරිසක් පරිසර විනාශයට එරෙහිවූ පුද්ගලයෙකුට පහර දෙයි

සාරංග මධුෂාන් නැමති රූමස්සල පදිංචි පුද්ගලයාට පසුගියදා(13) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි. සාරංග මධුෂාන්ගේ ව්‍යාපාරික ස්ථානයටද බරපතල හානි සිදුකර ඇති බව පැවසේ.

අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් පවසන පරිදි මහා පරිමාණ හෝටල් හිමියෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රූමස්සල අභය භූමිය විනාශ කර අඩිපාරක් විශාල පාරක් බවට පත්කර ගැනීමට විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ සඳහා ලාභ ප්‍රයෝජනයට නතුකරගැනීමට පුළුවන් පිරිසක් සහ දේශපාලන හෙන්චයියියන් පිරිසක් නිර්මාණය කරමින් සිටින බවත් මෙම පහරදීම පිටුපස සිටින්නේ මෙම හෙන්චයියන් බවත් එම හිමියන් පවසයි.

අඳුරත්විල චන්ද්‍රජෝති හිමි වැඩිදුරටත් පැවසුවේ,

“පහරදීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා. සාරංග මධුෂාන්ට එල්ල කරපු මැර ප්‍රහාරය පරිසර සංවිධාන එකමුතුව ලෙස වගේම මේ රටේ පරිසරයට ආදරය කරන මිනිස්සු හැටියට හෙළා දකිනවා.

මේ අතර මෙම පහරදීමට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව වාර්තා වේ. එසේම පහර කැමට ලක්වූ සාරන්ග මධුෂාන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...