රූමස්සල හෝටල් මාෆියාවේ පිරිසක් පරිසර විනාශයට එරෙහිවූ පුද්ගලයෙකුට පහර දෙයි

සාරංග මධුෂාන් නැමති රූමස්සල පදිංචි පුද්ගලයාට පසුගියදා(13) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි. සාරංග මධුෂාන්ගේ ව්‍යාපාරික ස්ථානයටද බරපතල හානි සිදුකර ඇති බව පැවසේ.

අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් පවසන පරිදි මහා පරිමාණ හෝටල් හිමියෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රූමස්සල අභය භූමිය විනාශ කර අඩිපාරක් විශාල පාරක් බවට පත්කර ගැනීමට විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ සඳහා ලාභ ප්‍රයෝජනයට නතුකරගැනීමට පුළුවන් පිරිසක් සහ දේශපාලන හෙන්චයියියන් පිරිසක් නිර්මාණය කරමින් සිටින බවත් මෙම පහරදීම පිටුපස සිටින්නේ මෙම හෙන්චයියන් බවත් එම හිමියන් පවසයි.

අඳුරත්විල චන්ද්‍රජෝති හිමි වැඩිදුරටත් පැවසුවේ,

“පහරදීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා. සාරංග මධුෂාන්ට එල්ල කරපු මැර ප්‍රහාරය පරිසර සංවිධාන එකමුතුව ලෙස වගේම මේ රටේ පරිසරයට ආදරය කරන මිනිස්සු හැටියට හෙළා දකිනවා.

මේ අතර මෙම පහරදීමට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව වාර්තා වේ. එසේම පහර කැමට ලක්වූ සාරන්ග මධුෂාන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...