Breaking News

ඇඟලුම් කම්හල් සේවකයන්ට ආමරිකානු තීරු බද්ද දැන්මම බලපාලා

අමෙරිකාව විසින් පනවා ඇති නව තීරු බදු නිදහසට කරුණක් කර ගනිමින් සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවට ඇඟලුම් කම්හල් සේවකයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතියි.

වැලිගම පිහිටි එවැනි ඇඟලුම් සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සමාගමට තීරු බදු බලපාන්නේ නැති බව මූලික පරීක්ෂණයකින් හෙළි වී ඇති බවයි.

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රසාද දීමනාවක් ඉල්ලා කර්මාන්ත ශාලාවට අනුයුක්ත සේවකයින් මේ වන විටත් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

අනෙක් කාරණය වන්නේ ඔවුන්ට මෙම ප්‍රසාද දීමනාව ඉල්ලා සිටින්නේ ඔවුන් පසුගිය කාලයේ කරන ලද වැඩ වෙනුවෙන් වන අතර තීරු බදු බලපාන්නේ ඉදිරිය සඳහා පමණි.

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා පසුගියදා 44%ක තීරු බද්දක් ක්‍රියාත්මක කරනු ලැබුණි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 40%ක් සහ රබර් අපනයනයෙන් 30%ක් දැනටමත් එක්සත් ජනපද වෙළඳපොළට ලබා දෙන බැවින් මෙම අංශ සැලකිය යුතු අර්බුදයකට මුහුණ දීමට සිදුවී තිබේ.

අදාළ බලපෑම සම්බන්ධ විශ්ලේෂණ හා ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ, කාලයත් සමඟ මෙම තීරුබදු නිසා ශ්‍රී ලංකාවට අපනයන ඉපැයීම්වලින් ඩොලර් මිලියන 350ත් 400ත් අතර මුදලක් අහිමි වීමේ හැකියාවක් තිබෙන බවයි.

මෙම බලපෑම ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් ඔස්සේ සිදුවිය හැකියි.

ඉන් පළමු වැන්න නම් ඇමරිකානු ඉල්ලුම අඩුවීමයි. මෙම බදු ප්‍රතිපත්තිය නිසා ඇඟළුම් වැනි භාණ්ඩ ඇමරිකාවේ වඩාත් මිල අධික වන අතර, එම නිසා ඇමරිකානු පාරිභෝගිකයන් විසින් ඇඟළුම් මිලදී ගැනීම 10%කින් පමණ අඩුවීමට ඉඩ පවතියි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 210ක අලාභයක් ශ්‍රී ලංකාවට සිදුවීමට ඉඩ පවතින බවයි .

දෙවැන්න නම් ඇණවුම් වෙනත් රටවලට මාරු වීමයි. සමාන භාණ්ඩ සඳහා අඩු බදු අනුපාත ඇති බංගලාදේශය, ඉන්දියාව, සහ අප්‍රිකාණු රටවලට සමහර ඇඟළුම් ඇණවුම්වලින් 15%ක් පමණ මාරුවීමේ හැකියාවක් පවතියි.

leave a reply