දින 20 දරුවාගේ මරණය දෙමව්පියන්ට දන්වා නැහැ ආදාහන කටයුතු දෙමව්පිය අවසරයකින් තොරව

පසුගියදා ලංකාවේ සිදුවූ ලාබාලතම කොවිඩ් මරණය ලෙස වාර්තා වූ දින 20ක් වයසැති දරුවා ආදාහනය කර ඇත්තේ දෙමව්පියන්ගේ අවසරයකින් තොරව බව වාර්තා වේ. එසේම දරුවා මිය ගිය බව තමන් රෝහලට දුරකථන ඇමතුමක් දී විමසන තුරු තමන්ට නොදැන්වූ බවද දරුවාගේ පියා සඳහන් කර තිබේ.

දින 20ක් වයසැති බිලිඳාගේ පියා වන එම්. එස්. එම් ෆාහිම් සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිද් අලි සාහිර් මව්ලානා සිදුකළ දුරකථන සංවාදයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

එම්. එස්. එම් ෆාහිම් පවසන පරිදි දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණයේදී දරුවා පමණක් කොවිඩ් ආසාදිත බව තහවුරුව ඇතත් මව සහ පියා ආසාදිත බව තහවුරුව නැත.

දරුවා ආදාහනය කරන අවස්ථාවේ දෙමව්පියන්ගේ අවසරකින් තොරව ආදාහනය කළ හැකිදැයි දරුවාගේ ඥාතීන් විමසූ අවස්ථාවේ බලධාරීන් පවසා ඇත්තේ නීතිය අනුව එයට බාධාවක් නොමැති බවයි.

උපුටා ගැනීම lankaviews

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...