දින 20 දරුවාගේ මරණය දෙමව්පියන්ට දන්වා නැහැ ආදාහන කටයුතු දෙමව්පිය අවසරයකින් තොරව

පසුගියදා ලංකාවේ සිදුවූ ලාබාලතම කොවිඩ් මරණය ලෙස වාර්තා වූ දින 20ක් වයසැති දරුවා ආදාහනය කර ඇත්තේ දෙමව්පියන්ගේ අවසරයකින් තොරව බව වාර්තා වේ. එසේම දරුවා මිය ගිය බව තමන් රෝහලට දුරකථන ඇමතුමක් දී විමසන තුරු තමන්ට නොදැන්වූ බවද දරුවාගේ පියා සඳහන් කර තිබේ.

දින 20ක් වයසැති බිලිඳාගේ පියා වන එම්. එස්. එම් ෆාහිම් සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිද් අලි සාහිර් මව්ලානා සිදුකළ දුරකථන සංවාදයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

එම්. එස්. එම් ෆාහිම් පවසන පරිදි දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණයේදී දරුවා පමණක් කොවිඩ් ආසාදිත බව තහවුරුව ඇතත් මව සහ පියා ආසාදිත බව තහවුරුව නැත.

දරුවා ආදාහනය කරන අවස්ථාවේ දෙමව්පියන්ගේ අවසරකින් තොරව ආදාහනය කළ හැකිදැයි දරුවාගේ ඥාතීන් විමසූ අවස්ථාවේ බලධාරීන් පවසා ඇත්තේ නීතිය අනුව එයට බාධාවක් නොමැති බවයි.

උපුටා ගැනීම lankaviews

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...