රෑ වැටුණු වලේ දවල් වැටීම – IMF ණය අරගෙන අධිවේගී මාර්ග හැදීම

මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් පවසා තිබේ.

මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම්ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ කටයුතුද සක්‍රිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුව බවත් ඔහු සඳහන් කර ඇත.

මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් මාර්ග ඝනකමට කාපට් ඇතිරීමද නතර කරනු ලැබ ඇතැයි ඔහු පවසයි.

එසේම යම් මාර්ගයක කාපට් කරන දුර ප්‍රමාණද අඩු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන ද ඇතුළුව විවිධ රටවල්වලින් පසුගිය කාලය පුරා ගත් ණයවලින් කිසිදු ආකාරයකින් රටේ ආර්ථික ක්‍රියාවලිය ඉහළ නැන්වීමට දායක නොවන සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම හේතුවෙන් අපිට විශාල ණය කන්දක් උරුම වී තිබේ. අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ, වරාය, විවිධ කුළුණු සහ ගොඩනැගිලි ඒ ණය කන්ද ට දායක වූ ඒවා විය. වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ වාර්ෂිකව විශාල ණය වාරිකයක් ගෙවීමට සිදුවීමයි. දැන් ආණ්ඩුව එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යෝජනා කරන්නේද නැවත ණය ගැනීමයි. එම ණය ගැනීමෙන් පසුවද පරණ පුරුදු පාරේ යාම මිස වෙන විසදුමක් ආණ්ඩුවට නැති බව පෙනේ. පසුගිය කාලය පුරාම අයවැයෙන් ආරක්ෂක කටයුතුවලට පසු වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ මාර්ග සංවර්ධනය සඳහායි. විවිධ ආණ්ඩු ජනතාවගේ ජීවිත සංවර්ධනය කිරීම වෙනුවට පාරවල් සංවර්ධනය කිරීමට අවධානය යොමු කරනු ලැබුවේ අරමුණු කිහිපයකිනි. එකක් බොරු සංවර්ධනයක් පෙන්වා ජනතාව මුලා කිරීමයි . අනෙක එම සංවර්ධන කටයුතුවලින් ලැබෙන කොමිස් කුට්ටි සාක්කුවේ දමා ගැනීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...