කෘෂිකර්ම අමාත්‍යංයට අයත් ගොවිපළකට හෝ පරියේෂණ ආයතන වලට ඇතුළු වීම තහනම්

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර මහ ඉලුප්පල්ලම බීජ හා පර්යේෂණ ගොවිපොළට බලහත්කාරයෙන් ඇතුල් වූවා යැයි පවසමින් ඉපලෝගම පොලීසියට එම ගොවිපළෙහි කළමණාකාරවරයා කළ පැමිණිල්ල දෙපාර්ශවයේම කැමැත්ත මත සමතයකට පත් කර ගැනීමට පියවර ගෙන ඇත.

පසුගිය 19 වැනි දින පස්වරුවේ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර මහ ඉලුප්පල්ලම බීජ හා පර්යේෂණ ගොවිපොලෙහි නිරීක්ෂණයක නිරත වෙමින් අදාළ ගොවිපළ මහජන මුදල් නාස්ති කරන, විනාශ වෙමින් පවතින ගොවි පළක් බවට පත්ව ඇති බවට චෝදනා කරනු ලැබීය.ගොවිපළ භූමි, සත්ත්ව පාලන අංශය ඇතුළු ස්ථාන රැසක් ඔවුන් නිරීක්ෂණය කළ අතර, එහිදී අදාළ ගොවිපළේ ආරක්ෂක නිළධාරීන් පැමිණ එම කටයුතු සිදු නොකරන ලෙසට උපදෙස් ලබා දුන්හ.

අදාළ සිදුවීමත් සමඟින් ඉදිරියේදී කිසිදු පුද්ගලයකුට නිසි අවසරයික්න තොරව කෘෂිකර්ම අමාත්‍යංයට අයත් කිසිදු ගොවිපළකට හෝ පරියේෂණ ආයතනයකට ඇතුළු වීම සඳහා ඉඩ ලබා නොදීමට අදාළව ආයතන බලධාරීන්ට උපදෙස් ලබා දෙමින් චක්‍රලේඛණයක් නිකුත් කරන බවත්, මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයට බළහත්කාරයෙන් ඇතුළු වූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන් බව පවසමින් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මාධ්‍ය නිවේදනයක්ද පසුගිය (20) වැනිදා නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් පසුගිය (21) වැනි දින මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ ගොවිපළ කළමණාකරු විසින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ගොවිපළ භූමියට අනවසරයෙන් ඇතුළු වී එහි රූගත කිරීම් කර ඇති බවට ඉපලෝගම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා හා පැමිණිලි පාර්ශවය අද (24) ඉපලෝගම පොලීසියට කැඳවා තිබිණි.

එහිදී දෙපාර්ශවයම අදහස් දැක්වීම් සිදු කළ අතර, ගොවිපළ පාර්ශවයෙන් කියා ඇත්තේ, නැවත එනවා නම් දැනුම් දීලා එන්න, නිවැරදි තොරතුරු දෙන්නම් කියායි.ඒ අනුව දෙපාර්ශවයේම කැමැත්ත මත අදාළ පැමිණිල්ල සමතයකට පත් කර ගෙන ඇත.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා,

අපි මහඉලුප්පල්ලම ගොවිපළෙහි වත්මන් තත්වය අනාවරණය කිරීමට පසුගිය 19 වැනිදා එම ගොවිපළ භූමියට ගියා, අපි ඒ අනාවරණය කළ පසු ගොවිපළ කළමණාකරු පසුගිය සඳුදා පොලීසියට පැමිණිල්ලක් කරලා තියෙනවා අපේ ඇතුළුවීම සම්බන්ධයෙන්.ඔවුන්ගේ පැමිණිල්ලේ අරමුණ තමයි මෙවැනි හෙළිදරව් කිරීම් කරන්න එපා කියන එක.මේවා මහජන මුදලින් නඩත්තු වෙන රජයේ ආයතන, අපිට ඒ ආයතන වල අකාර්යක්ෂමතාවන් හෙළිකරන එක අපේ වගකීමක්. දේශපාලන අධිකාරිය වගේම, මේ ආයතන වල නිළධාරීන්ගේ කටයුතු හෙළි කිරීමට භයේ මේ දේවල් කරන්නේ.අපිට විරුද්ධව කටයුතු කරනවාට වඩා මේ අපි හෙළිදරවු කරපු දේවල් සම්බන්ධයෙන් සොයා බැලීමයි බළධාරීන්ගේ වගකීම වෙන්නෙත්.ඒ වගේම මේ හෙළිදරව් කිරීම් අපිට පොලීසිවල පැමිණිලි දැම්මට, චක්‍රලේඛණ දැම්මට, හිරේ දැම්මට නවත්වන්න බෑ, අපි මේ වගේම කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයට අදාළ සියලු ආයතන වල වංචා, දූෂණ, අකටයුතුකම් හෙළි කිරීමට ඉදිරියටත් කටයුතු කරනවා.ඒ වගේම නැවතත් අපි මහඉලුප්පල්ලම ගොවිපළට කඩා පනිනවා.ඒ වෙද්දී මේ අපි කිව්ව අඩුපාඩු හදා ගෙන ඉන්න.යැයිද පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...