සාලිය – ලොවෙත් අඬන්නැති එවුන් අඬනවා…

සිගරට් – ප්ලේන්ටී එක්ක
සංවාදෙටම නාකිවෙන-වුණ
මේ දූපතේ අහිනක් විතර
සෙට් එක ම – කැළඹිලා අද හොඳටම…

ඊයෙ රෑ
උඹ තමයි ඒ කම්පාවෙ අපිකේන්ද්‍රය…

ලොවෙත් අඬන්නැති එවුන් අඬනවා
එකේක ඒවා ලියනවා එෆ්.බී. එකේ…

මරණය ගැන අපි කතා කරලා ඇති-
ඇති තරං…
සාංදෘෂ්ටිකවාදයට – දේවධර්මවාදයට
ව්‍යුහවාදයට – ආදී… ආදී… වාද අනුව…
කොතෙකුත්…

හීනෙං ඇවිත් මට කියපං
ඒ සීතල අද්දැකීම ගැන…
මං ආසයි
උඹ ඒක විග්‍රහ කරන විදිය දැනගන්න…

සාලිය
මට හිතෙනවා
‘ උඹේ මරණය’
උඹේ ජීවිතේ ‘හොඳම දෙය’ හැටියට අරගන්න…

උපන්දිනයකටවත් කතා කරල සුබ පැතුවෙ නැතුවට
කවියකින් ‘මරණෙට’ සුබ පතන්න…

උඹ ‘ආමේන්’ කියන බව දන්නවා
හිනා වෙවී…

තැන්ක්යූ මචං
මේ වගේ අමුතු කම්පනයක් දුන්නට…
මේ මහා හිස් හැඟීම දුන්නට…

නාට්‍යයකින්
චිත්‍රපටියකින්
පොතකින්
රමණයකින්
මේ තරං හිස්වීමක් ලබන්න බෑ මචං…

සුරේඛා සමරසේන

Share post:

Popular

වෙනත් පුවත්

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...