රජවරු රජ වන්නේ ඇයි?

Date:

1955 පමණ දරුවෙක් ජාන්නි රොදාරිට ඔය පැනය යොමු කරනවා. ඔහු ළමා තරුණ අයගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුවත්පතක විශේෂ අතිරේකයක් පවත්වාගෙන ගියා. ඒ අතිරේකයට යොදා තිබුණේ ” ඇයි “කියන නම . දරුවන් සහ යෞවනයන් වෙනුවෙන් මේ අතිරේකය ආරම්භ කළත් පහු කාලයේ වැඩිහිටියෝ පවා මේ අතිරේකය හරහා තමන්ට තේරුම් ගන්නට නොහැකි දේවල් පිළිබඳව ප්‍රශ්න අහන්න පටන් අරන් තියනවා.

“රජවරු රජ වන්නේ ඇයි” කියලා එදා ඒ දරුවා අහපු ප්‍රශ්නයම ටිකක් වෙනස් කරලා අහන්න හිතෙනවා. මොකෙක්වම හරි රජ කරන්න අපි මේ තරම් වෙහෙසෙන්නේ ඇයි?

මාස ගානක සිට ජනතාවගේ ඔලු මතට අතහැරියේ ජනාධිපතිවරණය පවත්වන දිනය කවද්ද කියන පැනයයි. හෙට දිනයේදී ඒ ප්‍රශ්නයට උත්තරය ලැබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණයට අදාළ සියලු දින වකවානු හෙට ප්‍රකාශයට පත් කරනවා.

දැන් අපේ ඔලුවලට ගෙනැවිත් අතාරින පැනය තමයි හොඳම රජා කවුද? එයාව තෝරගන්නේ කොහොමද කියන එක. රජ පුටුවට තරඟ වදින්න ගොඩක් අය තරඟ බිමට පිවිසිලා ඉන්නවා. තව බොහෝ අය හෙට දිනයෙන් පස්සේ තරග බිමට පිවිසෙන්නත් බලාපොරොත්තුව ඉන්නවා.

ඒ කොහොම වුනත් වැඩිම ඔලු ගානක් ගසාගන්නා එකා රජවෙනවා. මෙතෙක් පහළ වූ එක රජෙක් වත් අපට රටට හිතැති එවුන් නොවෙයි. එවන් අතීතයක සිට අනාගතයේ තෝරන රජා පිළිබඳවද අපට ඇත්තේ කුකුසකි.

ඒ සැකය සහිතව ජාන්නි රොදාරි දරුවාට ලබා දුන් උත්තරය වෙත මා ඔබව ගෙන යනවා.

රජවරු රජ වන්නේ ඇයි?

ඔවුන් රජවරුන් බව ඔවුන්ම පවසනවා : නමුත් බොහෝ විට මිනිසුන්ට බලහත්කාරයෙන් එය පිළිගන්න සලස්වන අතරම සමහර මිනිසුන් විසින් ඔවුන්ව රජවරුන් ලෙස පිළිගන්නවා. රජවරුත් අනෙක් අය වගේම මිනිසුන් බවත් , ඔවුන්ව එළවා දැමීමට තරම් ශක්තියක් මිනිසුන් සතුව ඇති බව මිනිසුන් තේරුම් ගත් දින ජනරජයක් නිර්මාණය වෙනවා .

රජවරුන් අතර වඩා ප්‍රසිද්ධම රජු
සුරංගනා කතා රජෙක්,
ඔහුගේ නම “මීදා” .
ඔහුගේ කතාව දන්නවාද?
සවන් දෙන්න ඔහුගේ කෑගැසුමට ,
යහපත් රජු මීදා අඩනවා :
ස්පර්ශ කරන සැණින් පාන් වයින්,
පිරිසිදු රත්තරන් බවට පත්වෙනවා .
දිවගා රසවිඳින්නට සිතන සැණින්
රස කැවිල්ලත් රත්තරන් බවට පත්වෙනවා .
මට එහි අනිත් පැත්ත සිදුවේ
මාසිකව වැටුපක් හිමිවේ
මම එය ස්පර්ශ කළ සැනින්
ණය පොලී කැපෙනවා .

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...