මීගමුව මහජන කවුන්සලයේ ක්‍රියාකාරී කමිටුව බුද්ධිකලම්බන ප්‍රවේශයක….

මීගමුව මහජන කවුන්සලය තම ඉදිරි ගමන අරමුණු කර ගනිමින් අධ්‍යාපන සහ අධ්‍යයන ක්‍රියාවලියක අවශ්‍යතාවය නිතර මතුකරන ලද්දකි . මේ පිළිබඳව කවුන්සලයේ ක්‍රියාකාරී කමිටුව තුළද මතුවූ අදහස් සහ සංවාද මත ඒ සඳහා සියළු දෙනාගේ එකඟතාවය පළ කරන ලදී .එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (20 ) නිලාන් සහෝදරයාගේ නිවසේදී පවත්වන ලද අධ්‍යාපනික සාකච්ඡාව ඉතා වැදගත් සහ කාලීන අවශ්‍යතාවයක් බව පැහැදිළි විය.

ප්‍රවේශයක් වශ⁣යෙන් මිනිසා සහ සතුන් අතර වෙනස, පැවැත්මේ ස්වභාවය , සංස්කෘතිය , පවතින දේශපාලන මතවාද සහ ක්‍රියාවලිය ආදී කරුණු රැසක් මතුකරමින් වැදගත් සංවාදයකට යොමුවීමේ හැකියාවක් ලැබිණ .එසේම මෙම සාකච්ඡාව අපගේ ක්‍රියාධරයින්ගේ දැනුම ,අවබෝධය ගොඩනැගීමට අදාල ප්‍රවේශයක් වන බැවින් ,එ් සඳහා පුළුල් වැඩසටහනක් අනුව කටයුතු කළ යුතුය යන්න සියළු දෙනාගේ අදහස විය.

පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අද වනවිට ජන මනස තුළ පැලවෙමින් ඇත. අරගලය හැර වෙනත් විකල්පයක් පවතින දුෂ්ඨ ක්‍රමයට අභියෝග කිරීමට සමත් නොවන බව නැවත නැවතත් ඉතිහාසය තුළ තහවුරුවී ඇත . අප සමාජ ක්‍රියාධරයින් ලෙස මෙකී කාරණයේ සත්‍යතාවය අවබෝධ කර ගතයුතුව ඇත .

Share post:

Popular

වෙනත් පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...