මෙරට රක්ෂිත ප‍්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත ප‍්‍රදේශ භාවිතා කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට අවධාරණය කරමින් සිටී. ඔවුන් පවසන්නේ අප රටේ රක්ෂිත ප‍්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල් කරනයට ලක් කර රක්ෂිත ප‍්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට වැඩි අවධානයක් ලබා දිය යුතු බව ය. එම තත්ත්වය සනාථ කිරීමට වැදගත් වන ප‍්‍රධාන ලේඛනය වන්නේ පරිසර පද්ධති කළමනාකරණයට අදාළ ව ලෝක බැංකුව මගින් 2016 වර්ෂයේ දී සකස් කළ Ecosystem Conservetion and Management Project – ESCAMP නම් වාර්තාව ය. එම වාර්තාව පදනම් කර ගත් ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තර ප‍්‍රධාන කර ගෙන මේ වන විට සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මේ වන විට ක්‍රයාත්මක වේ. ඒ යටතේ නව සංචාරක පිවිසුම් මාර්ග ඇති කිරීම, දැනට පවතින මාර්ග සංවර්ධනය කිරීම හා සංචාරකයන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කිරීම සිදු කරමින් පවතී. එම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු වන්නේ භූ දර්ශන සැළැසුම් හා කළමනාකරණය කිරීම සහ ස්වාභාවික සම්පත් තිරසර ලෙස භාවිතා කිරීම හා අලි-මිනිස් සහජීවනය ඇති කිරීම යි. මෙම අරමුණු කෙසේ වුව ද යටි අරමුණ වන්නේ මෙරට රක්ෂිත ප‍්‍රදේශ තුළ මහ පරිමාණ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම බව අදාළ වාර්තාවෙන් පැහැදිලි වේ.
ලෝක බැංකුව මගින් සකස් කර ඇති වාර්තාවේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් යාල, හෝර්ටන් තැන්න වැනි ජාතික වනෝද්‍යානවල ජෛව ප‍්‍රජාවට තර්ජන එල්ල වී ඇති ආකාරය විස්තර කර ඇති අතර ඒ හේතුවෙන් නිවැරදි දැරුම් සීමාවන් අධ්‍යයනය කර ඒ අනුව සංචාරකයන් ජාතික වනෝද්‍යාන තුළට ඇතුළු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව සඳහන් කර ඇත. එසේ තිබිය දී අද වන විට උත්සහ දරන්නේ පැමිණෙන සංචාරකයන් තවදුරටත් වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ය. ඒ සඳහා හොඳම උදාහරණය සපයන්නේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයයේ නව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙනි.
සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය