රනිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කළා. නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද මාධ්‍ය හමුවේ පිළිගනු ලැබුවා රනිල් වික්‍රමසිංහ තම පක්ෂය දෙකඩ කළ බව.

මධ්‍යවේදින් වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ තම පක්‍ෂය රනිල් වික්‍රමසිංහට ලබාදුන් පොරොන්දුව එලෙසම ඉටු කළ බවත් පෙරළා ඔවුන්ට ලැබුණු දායාදය තම පක්ෂය දෙකඩ කිරීම බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් නැවතත් ඒ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා මාධ්‍යවේදී යා නැගූ පැනයට පිළිතුරු ලබාදෙමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ තමන් ඒ බව නොකියන බවයි.

ජාතික සංවිධායක බබාට කට වැරදුණු බව තේරුම් ගිය තැන ඔහු කතාව කණපිට ගහන්නට රනිල් වික්‍රමසිංහ පක්ෂ දෙකඩ කරන බවට සමගි ජන බලවේගය චෝදනා කරන බව ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කියා සිටියේ තම පක්ෂයේ කණ්ඩායම් රනිල්ගේ වේදිකාව මත සිට ඔහුව යෝජනා කරන්නේත් මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...