රනිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කළා. නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද මාධ්‍ය හමුවේ පිළිගනු ලැබුවා රනිල් වික්‍රමසිංහ තම පක්ෂය දෙකඩ කළ බව.

මධ්‍යවේදින් වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ තම පක්‍ෂය රනිල් වික්‍රමසිංහට ලබාදුන් පොරොන්දුව එලෙසම ඉටු කළ බවත් පෙරළා ඔවුන්ට ලැබුණු දායාදය තම පක්ෂය දෙකඩ කිරීම බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් නැවතත් ඒ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා මාධ්‍යවේදී යා නැගූ පැනයට පිළිතුරු ලබාදෙමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ තමන් ඒ බව නොකියන බවයි.

ජාතික සංවිධායක බබාට කට වැරදුණු බව තේරුම් ගිය තැන ඔහු කතාව කණපිට ගහන්නට රනිල් වික්‍රමසිංහ පක්ෂ දෙකඩ කරන බවට සමගි ජන බලවේගය චෝදනා කරන බව ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කියා සිටියේ තම පක්ෂයේ කණ්ඩායම් රනිල්ගේ වේදිකාව මත සිට ඔහුව යෝජනා කරන්නේත් මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...