ඊයේ දින (19) කථානායකගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය පාර්ලිමේන්තුවේදි ආරම්භ වී ඇත. එහිදී මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිලිබදව අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇත.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
අද උදෑසන සිට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය පිලිබද ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබා ගත් ආකාරය පිලිබදව සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුලත් වීම පිලිබදව වෙබ් සයිට් ගණනාවක තොරතුරු පල කරලා තියෙනවා.විශේෂයෙන්ම රටේ ගවේෂණ මාධ්‍යවේදීනියක් වන නිර්මලා කන්නන්ගර ඒ පිලිබදව තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි ඔහු සිටි යුනිවසිටි ලන්ඩන් ආයතනයෙන් ලබා ගත් සහතිකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරලා තියෙනවා ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සදහා.
ඒ උපාධි සහතිකය නිකුත් කරලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 15 ඒත් ඒ උපාධි සහතිකයට අත්සන් කරපු උපකුලපතිවරයා ජූලි 23 ඉල්ලා අස් වෙලා තියෙනවා.ඔහු ඉල්ලා අස් වෙලා දින 54කට පස්සෙ තමයි උපාධි සහතිකයට උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නේ.ඒ නිසා ඒ උපධි සහතිකේ පිලිබදව ප්‍රශ්ණයක් මාධ්‍යයෙන් මතු කරලා තියෙනවා.
දෙවෙනි කාරනේ තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වෙන්න විභාගයක් නැතුව ලෝකේ පිලිගත් ආයතන වලින් තමයි අවස්තාව දෙන්නේ.නමුත් මේ සිටි යුනිවසිටි ලන්ඩන් ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තෝබර් 15.
ඒත් මේ ආයතනයෙන් උපාධිය ගත්තා යයි කියන නාමල් මන්ත්‍රිවරයා නීති විද්‍යාලයට ඇතුලත් වෙන්න ඉල්ලුම් කරලා තියෙන්නෙ 2009 සැප්තැම්බර් 25.අයදුම්පත දාපු දවසෙම නීති විද්‍යාලයෙන් ඒක භාර අරන් තියෙනවා.ඒ වෙද්දි සිටි යුනිවසිටි ආයතන නීති විද්‍යාලයෙන් පිලි අරගෙන නෑ.ඒක පිලිගත්තෙ ඔක්තෝබර් 15.මේක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා.
තුන්වෙනි ප්‍රශ්නෙ උපාධි සහතිකේ සදහන් වෙලා තියෙන්නේ බැචුලර් ඔෆ් ලෝ විත් හොනර් ක්ලාස් ත්‍රී එනම් තුන්වෙනි ශේණියේ උපාධියක් තියෙන්නේ. ඒකෙන් එංගලන්තයේ නීතී මණ්ඩලයට ඇතුලත් වෙන්න බෑ කියලා තියෙනවා.
ඒ වගේම ඊට අදාල සියලුම ලිපි ලේඛන මම සභාගත කරනවා. මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ශා කරන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රී සුපුරුදු පරිදී ඇවිත් මේක පැහැදිලි කරයි කියලා” යයි පවසමින් තම කතාව අවසන් කර ඇත.
තමන්ට එරෙහිව නැගෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ඔහුගේ උපාධි සහතික සම්බන්ධයෙන් මතුවී ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වමිනි. මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්වය තුල සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සහ එංගලන්තයෙන් ලබාගත් නීති උපාධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මාධ්‍යවේදිනියක වන නිර්මලා කන්නංගරව කැඳවීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් මෙම විමර්ශනය මෙම වසරේ පෙබරවාරි 14 වැනිදා ආරම්භ කර ඇති අතර, ඒ ‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලක් මතයි.
කෙසේ නමුත්, ඉන් අනතුරුව අප්‍රේල් 03 වැනිදා 42851/01/25 අංකය යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ පිළිබද කරුණු වාර්තා කර ඇති බවත් එයින් පසු නඩුව බහා තබා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළ අතර, මාධ්‍යවේදිනී නිර්මලා කන්නංගර විසින් නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකය පිළිබද සිදුකළ ගවේෂණාත්මක හෙළිදරව්වෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන එම විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව වාර්තා වේ.






