රාජ්‍ය අංශයේ වැටුපට සිද්ධ වෙච්ච දේ ගැන හෙළිදරව්වක්

Date:

ජනතාව මත පටවා තිබෙන අසීමිත ආර්ථික පීඩනය හමුවේ වැඩකරන ජනතාවගේමාසික වැටුප්වල අගය දරුණු ලෙස පහත වැටී ඇති ආකාරය හෙළිව තිබේ.

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 – 2024 අතර කාලයේදීඅඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ ඉරිදා ලංකාදීපයට පවසා තිබේ.

වැටුප් වල සත්‍ය අගය මෙසේ පහත වැටීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බරපතළ ලෙස දුර්වල වී ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ අනුව සලකා බලන විට 2020 වර්ෂය වන විට රුපියල් පනස් දහසක පමණ වැටුපක් ලැබූ අයකුගේ එම වැටුපේ සත්‍ය අගය අද වනවිට රුපියල් තිස් දෙදාහක් දක්වා පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා රුපියල් ලක්ෂයක පඩියක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් 64000ක් බවද සඳහන් කර තිබේ.

එසේම රුපියල් දෙලක්ෂයක වැටුපක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් එක් ලක්ෂ විසි අට දහසක් බවද වසන්ත අතුකෝරල පවසයි.

එසේම රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ගත් අයකුට බදු ගෙවීමටද සිදුවීමෙන් මිලදී ගැනීමේ හැකියාව තවත් අඩු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය කාලයේ වැඩකරන ජනතාව විසින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් දියත් කරන ලද විවිධ අරගල මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ උත්සාහයන් දියත් කරන ලදී. නමුත් මෙම සංඛ්‍යා ලේඛණ හරහා වැඩකරන ජනතාවගේ ඉල්ලීම් ඉතා සාධාරණ බව පැහැදිලි වේ.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...