ළමුන් 44 866 කට යන එන මං නැති කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ

Date:

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාවට පොරොන්දු වූයේ “නිවසේ සිට හෝ සේවා ස්ථානයේ සිට 3km දුරකින් ප්‍ර්‍රාථමික පාසල් පද්ධතියක් ආරම්භ කරන බවයි” නමුත් එම පොරොන්දු මැතිවරණ වේදිකා සරසන සටන් පාඨ බවට සීමා වී ඇත. මෑත කාලීනව ළමුන් 50 ට අඩු පාසල් වසා දමන බවට ප්‍රකාශ කරද්දී අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ද පාර්ශව වලින් එල්ල වූ විරෝධය හේතුවෙන් එම එක් එක් පාසල පිළිබඳව, ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල් වල ආර්ථික තත්වය, සමාජීය තත්වය, අවට ප්‍රදේශයේ භූගේලීය පිහිටීම පිළිබඳව වෙන වෙනම අධ්‍යයනයක් සිදු කරන බව සඳහන් කළේය. සීත කාමර තුළ හිඳිමින් පොදු නිරණායක වලට යටත් නොකරන බවට ප්‍රකාශ කළේය. නමුත් එයද කඩවුණු පොරොන්දුවක් බවට පත් කර ඇත. ජන හා සංඛ්‍යාලේඛණ වාර්තා වලට අනුව ළමුන් 50 ට අඩු පාසල් තුළ ළමුන් 44866 ඉගෙනුම ලබයි. ආසන්න වශයෙන් පවුල් 30 000 පමණ ප්‍රමාණයකි. මෙම තීරණය මගින් ළමුන්ගේ ඉදිරි අධ්‍යාපනය පිළිබඳව බරපතල අවදානම් තත්වයක් නිර්මාණය කරයි!

ආණ්ඩුව ළමුන් අඩු පාසල් වසා දැමීම සඳහා ඉදිරිපත් කර ඇති නිර්ණායක පහත පරිදි වේ.
1) එක් ශ්‍රේණියක ළමුන් 10 ට අඩු පාසල්
2) මුළු ළමුන් ගණන 50 ට අඩු පාසල්
ඊට සමාන පාසලක් 5km දුරකින් පවතී නම් එම පාසල වසා දැමිය යුතුයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...