මාර්තු 21 වන දා වාරියපොළ ප්‍රදේශයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණුවීම් සඳහා භාවිතා කරන ගුවන් යානයක් කඩා වැටුණා . මේ සිදුවීම සම්බන්ධයෙන් මාර්තු 24 වැනි දා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය අමාත්‍ය බිමන් රත්නායක මහතාගෙන් මාධ්‍ය මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ඔහු කළ ප්‍රකාශය මේ වන විට විවාදයට තුඩු දී තිබේ .
මාර්තු 24 වන දා බිමල් රත්නායක කළ ප්‍රකාශය
“ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාදෙනිය මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටීම සම්බන්ධ වාර්තාව මම ආරක්ෂක ලේකම්තුමා මගින් ගෙන්වාගත්තා. ඒකට අනුව ඒ ගුවන් යානයේ බඳේ ඒ කියන්නෙ බොඩි එකේ පරණකමක් හෝ එහෙම ප්‍රශ්නයක් නෑ. දෙවැනි එක ගුවන් යානයේ එංජිමේත් ප්‍රශ්නයක් නෑ. මොකද අපි අර පරණ වාහන පාරේ දිව්වට ගුවන් යානා එහෙම දුවන්න බෑ. ඒ නිසා ඒක පරණ ප්ලේන් එකක් නෙවෙයි. ඒවා පුහුණු වෙනකොට අපි කාගෙනුත් – ප්ලේන්වල L බෝඩ් ගහලා තිබුණෙ නැතිවුණාට ඒ ගියපු කට්ටිය පුහුණු වෙන කට්ටිය. එතකොට ඒගොල්ලන්ගෙන් අත්වැරදීමක් වෙලා තියෙනවා. අපි සතුටුවෙනවා අඩුගාණෙ නියමුවන් දෙදෙනා බේරිච්ච එක ගැන. විශාල දේපළ හානියක් ප්‍රදේශයට වෙලා නෑ, නමුත් ගස්කොළන්වලට යම් හානියක් වෙලා තිබෙනවා. ඒක ඇත්තටම ගත්තොත් පුහුණුවීම්වලදී අපේ රටේත් ලෝකෙ කොයි රටේත් වෙන දෙයක්. ඒ හැර වෙන කිසිදු හේතුවක් ඒකට සම්බන්ධ නෑ කියන එක තමයි තාක්ෂණික වාර්තාවේ තියෙන්නෙ”
මාර්තු 25 වන දා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ එම ගුවන් අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැක්වූයේ හාත් පසින්ම බිමල්ගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසකි .
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගන ප්‍රකාශ කළ අතර එම ගුවන් අනතුරට හේතුව සෙවීම සඳහා පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව තවමත් ඔවුන් වෙත නොලැබී ඇති පසුබිමක එම ගුවන් අනතුරට හේතුව තවමත් පැහැදිලිව කීමට නොහැකි බවයි . නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුර ජයසේකර මාධ්‍ය වෙත කළ ප්‍රකාශය තුළත් කියවෙන්නේ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ අදහසමයි.
මාර්තු 26 වන දා කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස් ගෙන් ඒ ගැන විමසා සිටියා.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස වූයේ
“ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව තමා ආවේ. ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව තාම ආවේ නෑ. ඒකට යම් දින කිහිපයක් ගතවේවි. ගුවන් යානාවේ වාර්තාවෙන් හෙළිදරව් වෙන දේ තමා බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වේ. අනතුර සම්බන්ධයෙන් මොකද්ද වෙන්න පුළුවන්, කාගේද අඩුපාඩුව ගැන සමස්ත අනතුර ගැන වාර්තාවෙන් තමා අපිට කරුණු කියන්න වෙන්නේ. වාර්තාව ලැබුණට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ අදාළ බලධාරියෙක් කරුණු ඉදිරිපත් කරයි. කමිටු වාර්තාව තවම ලැබිලා නෑ.”
කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක බිමල් රත්නායක කළ ප්‍රකාශය තුළ වරදක් නැති බව ඒත්තු ගන්වන්න උත්සාහ කළත් එය අසාර්ථක වෑයමක් බව නලින්දගේ ප්‍රකාශය තුළින්ම ඔප්පු වෙනවා . බිමල් රත්නායක අමාත්‍යවරයා ගුවන් යානයේ තත්ත්වය පිළිබඳව ප්‍රකාශ කළ බව ඔහු කිව්වද පැහැදිලිවම විමල්ගේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබුණේ ගුවන් අනතුරට හේතුව. එය පැදවූ පුහුණු නියමුවන්ගේ වරදින් සිදුවුණු බවයි.
සියල්ලට ප්‍රථම මමයි කිව්වේ න්‍යාය අනුගමනය කරන්නට ගොස් බිමල් රත්නායක කරගෙන තිබෙන්නේ හොම්බ බිම ඇන ගැනීමයි