යුදබිමේ නත්තල සහ වසංගත උවදුර තුල  නත්තල

ජුසේප්පේ උන්ගරේත්තිගේ (Giuseppe Ungaretti ) නත්තල  ” Natale ” කාව්‍ය  රචනා වන්නේ  1916 දෙසැම්බර් ලද පුංචි අස්වැසිල්ලකින්  යුද පිටියෙන් නික්ම තම ගමට (නාපෝලි) ගොස් නත්තල් කාලය ගත කරන අතරය. උන්ගරේත්ති රචනා කරන ලද කාව්‍යයන් අතර සැලකිය යුතුය කාව්‍ය ප්‍රමාණයක්  යුද්ධය පිළිබඳව සහ එහි අත්දැකීම් පිළිබඳව රචනා වී තිබේ. යුද්ධය  හේතු කරගෙන බිහිසුණු ලෙස විනාශ වෙච්ච නගර ,සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වෙන තරුණයන්ගේ ඉරණම,බිඳ වැටුණු බලාපොරොත්තු අතර තනිවෙන මිනිස්සුන්ගේ ඛේදවාචක ඔහුගේ කවි තුළ හොල්මන් සේ සැරිසරනවා. යුද්ධයෙන් විනාශයට පත් වූ නගරයක් තුළ කිනම් නත්තල් ප්‍රීතියක්ද? සැඟවුණු හෝ මියගිය, මිනිසුන් නොමැති නගරයක කිනම් අසිරියක්ද? බිඳවැටුණු, වෙඩි වැදුණු, සුන්බුන්  ගොඩගැසුණු නගරයක් තුළි කිනම් ප්‍රීති සජ්ජද? යුද්ධයට මැදිව ආත්මය බිඳවැටුණු මිනිසෙකුට නත්තල් ප්‍රීතියක්, සතුටක් සොයාගත හැකිද ?

කලබලයක් නොමැතිව ඉඳහිට එති යති නත්තල් සුළඟ. තව නොබෝ දිනකින් නත්තල උදා වනු ඇත. උදාසීන නගර වීදි නත්තල් සැරසිලි වලින් සැරසී බලා සිටිති.එහෙත් මෙවර අසීමාන්තික තදබදයකින්  කසු කුසු ගාන තෑගි තොරණ නත්තල විසින් කාර්යබහුල කරන ලද මිනිසුන් මගතොට හිගය.2020 නත්තල ගෙවන්නට ලෝකේම සූදානම් වුවද ඒ හැමෝම සීමාවන්ට යටත්ව අර්ධ නත්තලක්  වෙනුවෙන් සූදානම් වෙති.

1916දී උන්ගරේත්තිව පීඩාවට පත් කළ අවි ගැටෙන යුද්ධය වෙනුවට, 2020 අපි අවි නැති වෛරස් යුද්ධයක පීඩිතයන් බවටපත්ව සිටිමු. ජුසේප්පේ උන්ගරේත්තිගේ නත්තල  නම් කවියේ අනුවර්තනයකි.

“ නත්තල “

ගෙතුම් නුල් බෝලයක් සේ
එතී  තිබෙන මාර්ගවල
උවමනාවක් නැහැ මට
ඇවිද යන්නට

විඩාවට පත්ව ඇත
මේ යුද්ධය
කර තියන් සිටි
මගේ උරහිස

සියල්ල අමතක වූ
අජීවී වස්තුවක් සේ
තබන්නට හැකිද
මුල්ලකට කර
නිසොල්මන්ව මාව

කිසිවක්ම නොදැනෙයි
මෙහි
උණුසුම් තාපය හැර

පෙරලෙන ගිනි දැල් අතරින්
පිටවෙන දුම දෙස
ඔහේ බලාගෙන
සිටින්නටමයි සිත
ගිණි උදුන අද්දර

හිල්මි සුපුන්

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...