ඇස්ට්‍රාසෙනිකා එන්නත් නැවතත් නොලැබෙන හැඩක් – පළමු මාත්‍රාව ගත් ලක්ෂ 6 වෙනුවෙන් තවමත් විසඳුමක් නැහැ

ඇස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබේ.

මෙරට තවත් හය ලක්ෂයකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව දීමට ඇති බවද මහාචාර්ය ජයසුමන මෙහිදී පවසා ඇත.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ” ස්පුට්නික් ලයිට් “හෝ “ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ” එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

එම එන්නත් වර්ග දෙකම එක මාත්‍රාව බැගින් ලබා දෙන කාණ්ඩයේ ඒවා බවත් ඇස්ට්‍රාසෙනිකා එක් මාත්‍රාවක් ගත් අයට මෙම එන්නත්වලින් මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් ඇති නොවන බවත් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබේ.

මේ අතර මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මිලදී ගැනීම සඳහා අදාළ සමාගම් සමග ගිවිසුම් ගත වීමේ මුල් අදියරට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා ඇත.

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුලි මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි.

එහෙත් ඇමති චන්න ජයසුමන ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීම ගැන අවධානය යොමුවී ඇති බවයි.

ආණ්ඩුවේ බලධාරීන්ගේ පරස්පර ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව අහිමිව ඇති ලක්ෂ 6ට පමණ පිරිස වෙනුවෙන් ආණ්ඩුවට තවමත් විසඳුමකට පැමිණීමට අපොහොසත් වී ඇති බවයි. එසේම එන්නත්කරණය ක්‍රියාවලියේ පවතින දුර්වලතාවයද මේ හරහා පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...