ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම ගැන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ගත් උත්සාහයේදී ඔවුන්ට ලැබුණු තොරතුරු සම්බන්ධ මූලාශ්‍ර හෙළිකිරීමට එම මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කර තිබේ.
යාපනයේ, තම්බිදුරෙයි ප්‍රදීපන් හා කිලිනොච්චියේ, ටී.පරමසිවන් යන නිදහස් මාධ්‍යවේදීන් දෙදෙනා මෙසේ පොලිසිය විසින් විමසා ඇති කරුනු ලබාදීම සිය වෘත්තියමය පදනම යටතේ ප්‍රතික්ෂේප කරන ලදී.
පසුගිය ජුනි 2 වැනිදා යාපනයේ නැගෙනහිර වඩමාරච්චියේ ක්‍රීඩා සමාජයක සාමාජිකයන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කැඳවූ රැස්වීමක් අතරතුර පොලිස් නිලධාරින් විසින් මන්ත්‍රිවරයා සමග ඇතිකරගත් ගැටුම සම්බන්ධයෙන් පසුව මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවේ පොලිස් ඔත්තු අංශයේ සාමාජිකයකු සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් වැලකී මගහැර යාම මෙන්ම ගිනිඅවි පෙන්වමින් සිදුකරන ක්‍රියාකාරකම් දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුලද සංසරණය විය.
මරුදන්කර්නි ක්‍රීඩා පිටිය ආශ්‍රිත සිදුවීමේදී වාර්තාකරණයේ යෙදුණු මෙම මාධ්‍යවේදීන් කිලිනොච්චිය පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා ප්‍රශ්න කර ඇත්තේ ඉහත සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ ආකාරය සහ එම රැස්වීමට අදාළ තොරතුරු ලැබුණු ආකාරය පිළිබඳවයි.
කෙසේවෙතත්, තමන් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේදී තොරතුරු මුලාශ්‍රය හෙළි කිරීමට එකඟ නොවන බව ඔවුන් දෙදෙනා පොලීසියට දැනුම් දී තිබේ.
සාමාන්‍යයෙන් අපරාධමය කරුණක් සම්බන්ධව විමර්ශනයකදී පොලිසිය වෙත අවශ්‍ය තොරතුරු ලබාදීඹට කවරකුට හෝ බලපෑම් කිරීමට පොලීසයට හැකිවන අතර එසේ කරුනු දැක්වීමට අසමත්වන අයකු අධිකරණය හමුවට ගෙන ප්‍රශ්න කිරීමටද හැකියාව ඇත. නමුත් සිවිල් කටයුතුවලදී වාර්තාකරණය සඳහා සහභාගිවන මාධ්‍යවේදින්ට බලපෑම් කිරීමට පොලිසියට නීතිමය බලයක් නැත. මෙරට ඉතිහාසය පුරාම වරින්වර වංචා දූෂණ හෙළිදරව් කිරීම් පමණක් නොව, දේශපාලන වශයෙන් වැදගත් තොරතුරු අනාවරණය කිරීම නිසා මාධ්‍යවේදීන් විවිධ ශාරීරික හා මානසික පීඩාවන්ට ගොදුරු කරනු ලැබුවේ පොලිසියේද ‘ආරක්ෂාව හා අනුබලය’ ඇතිවය. විශේෂයෙන්, 1970 සමගි පෙරමුණු පාලනය, 77න් පසුව ජේ.ආර්, පාලනය ඉන්පසුව, ප්‍රේමදාස පාලනය, 94 චන්ද්‍රිකා පාලනය මෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මාධ්‍යවේදීන් මුහුණදුන් හිරිහැර, ඝාතනය කිරීම් දක්වාම ඉදිරියට ගොස් ඇත. රිචඩ්, සුරේන්ද්‍ර, ලසන්ත, සිවරාම්, නිමලරාජන්, ප්‍රගීත් ආදි වශයෙන් දඩයමට ලක් වූ මාධ්‍යවේදීන්ගේ නම් ඉතිහාසයට එක්වූයේ ඔවුන් ඉටුකළ සුවිශේෂ මෙහෙවර මෙන්ම පාලකයන්ගේ මෘග මර්දනය හේතුවෙනි.
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිදුව ඇති මාධ්‍ය මර්දනය ඉතිහාසයේ පෙර නොවූ විරූ මෘග ක්‍රියාදාමයකි. නමුත් තවමත් ඒ පිළිබඳ යුක්තිය ඉටුකර නොමැති අතර දසක කිහිපයක යුද්ධය හමුවේත් මහජන අරගලවලදීත් කෘර මර්දනයෙන් ප්‍රතිචාර දැක්වූ පාලක පන්තියෙන් ඊට වෙනස් සැලකීමක් මාධ්‍යවේදින්ට ලබාගත නොහැකි බව ඇත්තකි.
නමුත් පාලක ඝාතකයන් වෙනුවෙන් ආරක්ෂාව සලසමින් පාලක නිරුවත හෙළිකරන මාධ්‍යවේදීන් පාලක අවශ්‍යතා සඳහා පීඩාවට හෝ ප්‍රශ්න කිරීමට ගොදුරු කෙරෙන අවස්ථා හෙළා දැකිය යුතු වේ. බලහත්කාරය මාධ්‍ය වෙත යෙදවීමට පොලිසිය පාවිච්චි කරන පාලකයන් ජනතාව විසින් ගෙදර යවා ඇති ඉතිහාසයක මාධ්‍යවේදීන්ද සිය වෘත්තියමය අභිමානය මෙන්ම ජනතාව වෙනුවෙන් වගකීම ඉටු කිරීම ප්‍රශස්ත අවශ්‍යතාවකි.