ආණ්ඩුව මෝල් හිමියන් ළඟ දණ ගහයි

අද (28) සිට වෙලඳපොළ තුළ සහල්වල සිල්ලර මිළ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ මාධ්‍ය හමුවේදී ඩඩ්ලි සිරිසේන විසින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 115ක්, සම්බා කිලෝවක් රු.140ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් රු.165කට අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ තිබේ.

මේ අතර මෝල් හිමියන් විසින් කීරි සම්බා රුපියල් 80/-කට ද නාඩු සහල් සහ නාඩු වී රුපියල් 62.50/- ද සම්බා වී රුපියල් 70/- යන මිළ ගණන් යටතේ මිළ දී ගැනීමට තීරණය කර ඇති බව ද ඔහු පවසා සිටියා.

මේ නව මිළ ගණන් දැනුවත් කිරිම සිදු කර සිටියේ, කැබිනට් මණ්ඩලය විසින් පනවා තිබූ සහල් සඳහා වන උපරිම මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටද තීරණය කිරීමත් සමඟයි.

ආණ්ඩුව විසින් සහල් තොග ගබඩා වටලන බවට මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් පසුගිය සමයේ නැවත වතාවක් සහල් සඳහා පාලන මිලක් හඳුන්වා දෙන ලදී. නමුත් එම මිලට සහල් අලෙවි කරනු දක්නට නොලැබුණි.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබෙන සියලුම සහල් තොග රාජසන්තක කරන බවට පම්පෝරි ගැසූ ආණ්ඩුව අවසානයේ තමන් නිකුත් කළ සහල් මිල පවා අකුලා ගනිමින් මෝල් හිමියන් ළඟ දණ ගසා තිබේ.

සැප්තැම්බර් 2 වනදා සහල් සම්බන්ධයෙන් නිකුත් කළ ආණ්ඩුවේ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් සදහා රුපියල් 125 ක්, සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්, සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරණ ලදී.

නමුත් එය මිල අභිබවා සහල් මෝල් හිමියන් නව මිල ගණන් නියම කර ඇත.

ආණ්ඩුව පත්වූ විගසම ජනතාවට පවසා සිටියේ සහල් මාෆියාව අවසන් කරන බවයි. ඒ සඳහා හමුදාව මැදිහත්වෙන බවද පවසා තිබුණි. ඒ අවස්ථාවේ සහල් කඩවලට යමින් දැමූ මාධ්‍ය සංදර්ශන ජනතාවට මතක තිබේ.

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...