අළුත් මාවතක්, සටනට පක්ෂයක් .

අද විවිධ මාවත්වල විවිධ කණ්ඩායම් දිගේලි වෙමින් , විවිධාකාර ලෙස හැසිරෙති. මෙකී තත්වය රටේ ජනතා ප්‍රශ්ණ වලට කිසිදු විසඳුමක් ලබාදීමට සමත් නොවන බව ඉතිහාසය තුළිනුත්, වර්තමානය තුළිනුත් පැහැදිළි වන යථාර්ථයකි.

අර්බුදය තුළ පීඩාවට ලක්වන ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය වන්නේ ජීවිත්වීම සඳහා සුදුසු වාතාවරණයක් ගොඩනගා ගැනීමයි . නමුත් පාලකයෝ තමන්ගේ බල වියරුව මත ජනතා අපේක්ෂාවන් මොටකර දමති. තමන් වමයැයි කියාගන්නා සමහර බලවේග දකුණේ සළුපිළි පැලඳගෙන අපි වමේ කියා හඬක් නැගීමට උත්සාහ කරති . නමුත් එය ධනවාදී මාවතම බව ජනතාව ක්‍රමයෙන් අවබෝධ කරගන්නා බව කිවයුතුය .

පාලකයෝ දේශපාලන සිතියම තුළ වමට තිබෙන ඉඩප්‍රමාණය අහෝසි කර ධනවාදයට අදාල ඉඩකඩ සකසා ගැනීමට කටයුතු කරති. එය එම පන්තියේ ප්‍රමුඛ අවශ්‍යතාවය බව පැහැදිළිය. එබැවින් මේ සඳහා ඇති එකම විකල්පය වන්නේ සියළු බාධාවන් හඳුනා ගනිමින් වම නගා සිටුවීම සහ ඒ තුළින් සමාජවාදය සඳහා මග හෙළිකර ගැනීමයි.

ඒ සඳහා වන ගමනේදී ඇති එකම පක්ෂ බලවේගය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. අද එම බලවේගය ශක්තිමත් තැනකට ඔසවා තැබීම යුගයේ අවශ්‍යතාවය බව කිවයුතුය .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...