Breaking News

ඇන්සල් ලංකා ආයතනයේ කම්කරු මර්ධනයේ ඉතිහාසය පිළිබඳව ඔවුන්ගේ කතාව

1994 වර්ෂයේ ඇන්සල් ලංකා ආයතනයේ අත්තනෝමතික පාලනයට එරෙහිව දියත් කල අන්සල් අරගලය ප්‍රේමරත්න සහෝදරයාගේ ජීවිතය කැප කිරීම් තුල අන්සල් ලංකා සේවකයින්ට අයිතිවාසිකම් රැසක් දිනාගැනීමට හැකි වූ අතර වෙළද කලාපය තුල වෘත්තීය සමිති පිළිබඳව පිබිදීමක් ඇති විය . කෙසේ වෙතත් ඊනියා ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ක්‍රියාවලියත් සමඟ නැවතත් වෘත්තීය සමිති මර්දන ක්‍රියාවලිය ඇරබුනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2013/10/11 දින වැඩ වර්ජනයකට එලබිමට අපට සිදුවිය.

ඒ අනුව 2013.10.11වන සිකුරාදා රාත්‍රී 10ට වැඩ වර්ජනය ආරම්බ වු අතර සෙනසුරාදා ශ්‍රී ලංකාව කම්කරු දෙපාර්තමේන්තුවෙන් පැමිණ අප සමඟ කතා කර 2013.10.14 වන සදුදා දින උදේ කම්කරු දෙපාර්තමේන්තුවේදි සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස අපිට දැන්වීය. වෘත්තීය සමිති සම ලේකම් ඇන්ටන් මාකස් සහෝදරයා ඇතුළු අප කණ්ඩායමක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය. ආයතනය නියෝජනය කරමින් මානව සම්පත් කළමනාකාරිණි ඇතුළු ආයතනය නියොජිතයන් පිරිසක් සහභාගි විය.මෙහිදී වැඩ වර්ජනයට හේතු වු ආසාදරන ලෙස සේවයෙන් ඉවත් කරන ලද ඇන්සල් ලංකා වෘත්තීය සමිති ශාඛාවේ සභාපති අතුල කමල් සහෝදරයා නැවත සේවයේ පිහිටුවා ඔහුට විරුද්ධව විනය පරික්ෂණයක් පවත්වා තීරණයක් ගන්නා ලෙසයි.

ඉන් පසුව 2013 ඔක්තෝම්බර් 15 වන දිනෙන් පසු ප්‍රධාන ඉල්ලීම් වූයේ වෘත්තීය සමිති ශාඛා නිලධාරීන් ඇතුළු ක්‍රියා කාරීන් එකොලොස් දෙනාට නැවත රැකියාව ලබාදීමට කළ බලපෑමයි.

එහිදී මානව සම්පත් ප්‍රධානී අනෝමා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් උපදෙස් ලබාගෙන ස්ථිර තීරණයක් ගෙන කම්කරු දෙපාර්තුමේන්තුව වෙත දැන්වීමට කාලයක් අවශ්‍ය බවයි. එසේ කාලය ලබාගෙන පසු දින එනම් 2013 ඔක්තෝබර් 15 වන දින සභාපති, ලේකම්, උප සභාපති, උප ලේකම්, සංවිධායක ඇතුළු නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ඇන්සල් ලංකා ශාඛාවේ ක්‍රියාකාරීන් 11 දෙනෙකුගේ සේවය කිසිදු විනය පරීක්ෂණයකින් තොරව අයුක්තිසහගත හා අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමයි .

ඉන් පසුව 2013 ඔක්තෝම්බර් 15 වන දිනෙන් පසු ප්‍රධාන ඉල්ලීම් වූයේ වෘත්තීය සමිති ශාඛා නිලධාරීන් ඇතුළු ක්‍රියාකාරීන් එකොලොස් දෙනාට නැවත රැකියාව ලබාදීමට කළ බලපෑමයි. අකන්ඩව දින 45 පුරා වැඩ වර්ජනය පැවතුනත් ඇන්සල් සමාගම ව්සදුමක් ලබානොදුනි. එ අනුව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමතිවරයා විසින් එකොළොස් දෙනාගේ රැකියා අහිමි කිරීම යුක්ති සහගතද නැද්ද යන්න තීරණය කිරීමට අනිවාර්ය බේරුම්කරනයකට මෙම ප්‍රශ්නය යොමු කළේ ය.

ඉන් පසුව බේරුම්කරණයේ තීන්දුව වුණේ සේවකයින් වර්ජනය නවත්වා නැවත රැකියාවලට යා යුතු බවයි .අපගේ සහෝදර සේවකයින් වර්ජනය නවත්වා රැකියාවට ගියත් ඔවුන්ට රැකියාව ලබාදීම ආයතනයේ කළමණාකාරීත්වය ප්‍රතික්ෂේප කළ අතර තවත් සේවකයින් 300ට ආසන්න ප්‍රමාණයක් අ සාධාරණ ලෙස සේවයෙන් පහ කළේය.

පසුව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය එම අසාධාරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර මුලින්ම දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එහි විනිශ්චයකාර තුමා ප්‍රකාශ කළේ බැලූ බැල්මට කම්කරුවන්ට අසාධාරණයක් වී ඇති බව පෙනී ගියත් නියෝගයක් ලබා දීමට එම අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළා.

පසුව අප අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එහිදී එම සේවකයින් 281සේවයෙන් ඉවත් කළ ලිපිය බලරහිත කරන ලදියි. පසුව එම සේවකයන්ට නැවත රැකියාව ලබා දෙනවා වෙනුවට ආයතනය සිදුකළේ ආයතනය තුළට සේවකයින් නොගෙන ආයතනයේ ආරක්ෂක මුරපොළේ පොතක පැමිණීම සටහන් කරගෙන එම සේවකයින් දිනපතාම හරවා යැවීමයි. පසුව එක් මසක වැටුප ද ඔවුනට ගෙව්වේය.

පසුව එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව කම්කරු විනිශ්චය සභාව වෙත යොමු කළේය. එහිදී කම්කරු විනිශ්චය සභාවේ තීන්දුව වූයේ මෙම වැඩවර්ජනය නීතිවිරෝධී බවයි, එහෙත් සේවකයන්ට උපරිමය ලක්ෂ 12 . 5 කට යටත්ව වන්දි මුදල් පිරිනමන ලෙසයි.

එහෙත් නැවත රැකියාව ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති මහාධිකරණයට ගිය අතර අන්සල් ලංකා ආයතනය ද එම වන්දි මුදල ගෙවීමට නියෝග කිරීම අසාධාරණ යැයි කියමින් මහධිකරණය ට ගියේය.

එහිදී තීන්දුව වූයේ මෙම වැඩවර්ජනය නීතිවිරෝධී බවත් සේවකයන්ට රුපියල් ලක්ෂයක සහන දීමනාවක් ලබා දෙන ලෙසටයි.

නැවතත් වෘත්තීය සමිතිය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර එහිදී මහාධිකරණය නියම කළ නියෝගය අනුමත කළේය.

පසුව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය Industriall එකේ සහයෝගයෙන් ඕස්ට්‍රේලියාවේ වෘත්තිය සමිති වල මැදිහත්වීමෙන් ඇන්සල් ලංකා සමාගමට එරෙහිව කළ ජාත්‍යන්තර බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙස අන්සල් සමාගමට එකඟතාවයකට පැමිණීමට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ 2016 අගෝස්තු මාසේ පස්වන දින අන්සල් සමාගම හා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමයි.

Industriall විසින් අන්තර්ජාලයේ පළ කළ ලිපියට අනුව

1 හිටපු සේවකයින් නැවත රැකියාවට ලබා ගන්නා බවත්
2 කම්කරුවන් 40ට වැඩි පිරිසකට ඉක්මන් විශ්‍රාම පැකේජයක් ලබා දෙන්න යෝජනා වූ බවත්
3 නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අන්සල් සේවක නියෝජිතයා ලෙස පිළිගැනීම
4 2013 නොවැම්බර් මාසයේදී අන්සල්ට එරෙහිව Industriall විසින් දියත් කළ OECD පැමිණිල්ල අවබෝධතා ගිවිසුමෙන් අහෝසි
5 වබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මාස 3ත් 6 යත් ඇතුලත අන්සල් සමාගම පසු විපරම් රැස්වීම් පැවැත්වීම

මුලින්ම සේවකයින් ටික ටික (10 දෙනා 10 දෙනා පමණ) නැවත සම්මුඛ පරීක්ෂණයට කැඳවා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූවන්ට රැකියා ලබා දුනි. මෙලෙස ටික (50කටත් අඩු පිරිසකට) දෙනෙකුට රැකියා ලබාදී, ආයතනයේ පුරප්පාඩු නැති බව පවසා ඉතිරි අයට රැකියා ලබා දුන්නේ නැත.පසුව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මැදිහත්ව ඇන්සල් ලංකා ආයතනයේ සිය ගණනක් පුරප්පාඩු ඇති බව ඔප්පු කරන ලදී.

ඒ වන විට ඇන්සල් ලංකා සමාගමේ සිය ගණනක් පුරප්පාඩු පැවති අතර ඒ පවතින පුරප්පාඩු සඳහා ස්ථිර සේවකයන් වෙනුවට රැකියා සපයන ඒජන්සි හරහා කොන්ත්‍රාත් සේවකයන් අනුයුක්ත කරනු ලැබුවා. එම සේවකයන් සොයා ගැනීමට ප්‍රචාරයක් ලබා ගැනීමට අලවා තිබූ පෝස්ටරයක් මාක්ස් සහෝදරයාට අප විසින් ලබා දී ඔහු විසින් එය Industriall එකට දන්වා යැව්වේ ය.

පසුව එම පෝස්ටරේ සටහන් කර තිබූ දුරකථන අංකයට කතා කර සේවකයෙක් ලෙස උපාය දුතයෙකු යොදවා ඇන්සල් ලංකා සමාගමේ දින දෙක තුනක් සේවය කර එම සමාගම ලබාදෙන ග්‍රීන් පාස් (දොරටු අවසර පත්‍රය) එයද Industriall එකට දන්වා යැවීය.

එමගින් ඇන්සල් ලංකා සමාගමේ පුරප්පාඩු පවතින බව ඔවුනට පිළිගැනීමට සිදු විය. පසුව සේවකයන්ට රැකියා ලබාදීම නැවත ආරම්භ කළ අතර එහිදී ආයතනය ප්‍රකාශ කළේ එම ගන්නා සේවකයන්ට ස්ථිර නොකරන බවත් කොන්ත්‍රාත් සේවකයන් ලෙස බඳවා ගන්නා බවත්ය. එසේ කොන්ත්‍රාත් සේවකයින් ලෙසද බැඳීමට කැමති අය ඒ බව වෘත්තීය සමිතියට දැන්වූ අතර වෘත්තීය සමිතියෙ උපදෙස් පරිදි අන්සල් ආයතනය ස්ථිර සේවකයන් ලෙස බඳවා ගැනීමට එකඟ වී ඇති බවත් එසේම කොන්ත්‍රාත් සේවකයන් ලෙස සේවයට බැඳීමට ඔවුන් එකඟ නොවන අතර ස්ථිර පදනමින් බඳවා ගන්නා ලෙස ඉල්ලා ලිපියක් ආයතනය වෙත ලියා දී ඔවුන් පැමිණියේය. එම පැමිණි සේවකයන් හතර දෙනා මේ වන තෙක් සේවයට කැඳවා නැත.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පහත සඳහන් කරමි. මේ බඳවාගත් සියලුම දෙනා නැවත සේවයේ පිහිට වූයේ නැත .සිදුකළේ ඔවුන් නව සේවකයින් ලෙස බඳවා ගැනීම පමණි. පරිවාස කාලය මාස හයකි. උදාහරණයක් ලෙස 2013 දෙසැම්බර් මාසයේ රැකියාවෙන් ඉවත් කළ සේවකයෙකුගේ වැටුප රුපියල් 28855 කි. ඔවුහු 2019 මාර්තු 06 වන දින නැවත බඳවා ගත්තේ රුපියල් 27,000 පඩියකට ය. එම සේවකයින් 2013 දෙසැම්බර් මාසයේ තිබූ මූලික වැටුපටත් අඩු මූලික වැටුපකට 2019 වසරේ සේවයට බැඳුණේ ඔවුන්ට නැවත ස්ථිර රැකියාවක් සොයා ගැනීමට අපහසුතා ඇති වී තිබුණු නිසාය.

එයට හේතු වන්නේ

1 ඔවුන් අඛණ්ඩව ඇන්සල් ලංකා සමාගම තුළ රැකියාව කර ඇති නිසා දැන් ඔවුන් මැදිවියේ පසුවන බැවින් මැදි වියේ අයට ශ්‍රී ලංකාවේ රැකියා සොයා ගැනීම අපහසු කරුණකි.

2 වැඩවර්ජනයක් කර සේවයෙන් ඉවත් කළ අයට රැකියා ලබාදීමට ලංකාවේ අනෙකුත් සමාගම් අකමැති වීම.

ඉවත් කළ සේවකයන් බොහෝ දෙනෙකු හතර දෙනෙක් හැර මේ වන විට නැවත නව සේවකයින් ලෙස බඳවා ගත්තද නව කොන්දේසි වලට අකමැති වූ සේවකයන්ට කිසිම සහනයක් සිදුනොවුනි. ඔවුන් දැන් අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයට පත්වී ඇත. මන්ද යත් ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ස්ථිර රැකියා සොයා ගැනීමට අපහසු වී ඇති නිසාවෙනි. ශ්‍රී ලංකාව තුළ තරුණ වියේදී රැකියාවක් සොයා ගත හැකි වුවත් මැදි වියේ පසුවන්නන්ට රැකියා සොයා ගැනීම අපහසු කටයුත්තකි.

තවත් සේවකයන් පවතින ආර්ථික අපහසුතාවයන් නිසා කල්පනා කර මානසික රෝගීන් බවට පත් වී ඇත. තවත් සමහරෙක් Blood Pressure වැඩිවී අංශභාග තත්ත්වයෙන්ද පෙළේ. මේ පිළිබඳව සවිස්තර තොරතුරු වෘත්තිය සමිතිය සතුව ඇත.

ගිවිසුම අත්සන් කර වසර හතරක් ගත වී ඇතත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරවීම ඇන්සල් ලංකා සමාගම මගහැර ඇත. දැනට ක්‍රියාත්මක කර ඇත්තේ එක් කරුණක් පමණි. එනම් 4 දෙනෙකු හැරෙන්නට අනිත් අය නව සේවකයන් ලෙස රැකියාවට බැඳෙන්න කැමතිනම් ඔවුන්ට නැවත සේවය ලබාදීමය .

ඔවුන් මේ වනවිට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ අන්සල් ශාඛාවක් පිහිටුවා ගත්තද සමාගම ඒ පිළිගෙන නැත. ඔවුන් සමඟ කිසිඳු ගනුදෙනුවක් නොකරයි. මේ වන විට එම ශාඛා සමිතියේ නිලධාරීන් ඇන්සල් ලංකා කළමනාකාරිත්වය පළිගන්නා තත්වයක් දක්නට ඇත. ශාඛා ලේකම්ට බොරු චෝදනා නගා වැඩ තහනම් කර කිසිම විනය පරීක්ෂණයක් පවා නොපවත්වා ඔහුගේ සේවා අංශය මාරුකර මේ වන විට ඔහු සේවයේ පිහිටුවා ඇත. ලේකම් ගේ ද සේවය තහනම් කර ඔහුගේ ද සේවා අංශ මාරු කර නැවත රැකියාව ලබා දුන්නද ඔහු සේවයට නොපැමිණෙන බව අපහට දැනගන්නට ලැබී ඇත.

මෙ වන විට අසාධාරණයට ලක්වුණු වෘත්තී සමිති නිලධාරීන් හට ඕස්ට්‍රේලියානු වෘත්තිය සමිති මූලිකත්වයෙන් ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර ලාංකීය වෘත්තීය සමිති ද ඔවුන් සමග අත්වැල් බැදගෙන ඇත .

අසාධාරණයට පත් වූ ඇන්සල් සේවකයන් වෙනුවෙන් රෝහිත

leave a reply