අරාබියෙන් ණයට තෙල් ගන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනම යටතේ ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉරානය සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සාකච්ඡා කර තිබේ.

එයට හේතුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයයි.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ යන අය සමඟ මේ පිළිබඳව පසුගියදා සාකච්ඡා කර තිබේ.

පසුගියදා ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා චෝදනා කරනු ලැබුවේ දැනට තිබෙන තෙල් තොග ප්‍රමාණවත් වන්නේ දින කිහිපයකට බවයි. රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවත් ඔහු පැවසීය.

පසුව අසත්‍ය ප්‍රකාශ කළේ යයි චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත නිදහස් කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...