අරාබියෙන් ණයට තෙල් ගන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනම යටතේ ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉරානය සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සාකච්ඡා කර තිබේ.

එයට හේතුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයයි.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ යන අය සමඟ මේ පිළිබඳව පසුගියදා සාකච්ඡා කර තිබේ.

පසුගියදා ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා චෝදනා කරනු ලැබුවේ දැනට තිබෙන තෙල් තොග ප්‍රමාණවත් වන්නේ දින කිහිපයකට බවයි. රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවත් ඔහු පැවසීය.

පසුව අසත්‍ය ප්‍රකාශ කළේ යයි චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත නිදහස් කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...