Breaking News

නීතිය සැමට සමාන නොවේ උන් උන්ට සරිලන ලෙස නීතිය නවා ගනු ලැබේ

දිනපතා මතුවෙන සිදුවීම් හරහා නීතිය හැමට එක හා සමානව සාධාරණ නොවන බව පෙනෙන්නට තිබේ. කොරෝනා වසංගතය  පැතිර යෑම පාලනය කර ගැනීම සඳහා  සංස්කෘතික උත්සව අවස්ථා  නතර කර දමමින් ජනතාවට කැපකිරීම් කරන්නට පවසන ආණ්ඩුව  තමන්ගේ වුවමනාවන් කැප නොකර ඒවා පෙර පරිදිම පවත්වාගෙන යෑම තුළින්  පසුගියදා ජනාධිපතිවරයා පවා අන් ආදර්ශයක් සමාජයට සපයා තිබුණා. ප්‍රථමයෙන්ම රටේ නායකයා ජනතාවට ආදර්ශයක් විය  යුතු වුව ද  එසේ නොකර විශාල පිරිසක් ඒකරාශී කරගෙන  මහින්ද රාජපක්ෂගේ උපන් දිනය සහ ගෝඨාභයගේ ජනාධිපති වීමේ වර්ෂ පූර්ණය සමරනු ලැබුවා.

 Lockdown නීති කඩ කරන මිනිසුන් හඳුනා ගැනීම සඳහා  ඩ්‍රෝනා බලකායක් නිර්මානය කරන්න මේ පාලකයෝ කටයුතු කර තිබෙනවා.  මතු වී තිබෙන ආර්ථික දුෂ්කරතා මත  තමන්ගේ දරු පවුල් නඩත්තු කරගන්න බැරිව  රටේ ජනතාව අපහසුතාවයෙන් පෙළෙන විට  එවැනි මිනිසුන් දඩයම් කිරීම සඳහා  පාලකයෝ ක්‍රියා කරන්නේ මරදන උපකරණ  හරහායි .

ඉදිරි වසර ද කොරෝනා වසංගතයේ බලපෑමට ලක් වෙන වසරක් බව දැනටමත් පුරෝකථනය කර තිබෙන අතර ඒ සඳහා රටවල් මුහුණ දීම සඳහා ව ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් මුදල් වෙන් කර ගනිමින්  සෞඛ්‍යාරක්ෂිත උපකරණ මිලදී ගනිමින් ඊට සූදානම් වෙමින් ඉන්නවා.  නමුත් මේ වර්තමාන ආණ්ඩුව 2021 සඳහා  සෞඛ්‍යය සඳහා මෙතෙක් වියදම් කර මුදලින්  රුපියල් බිලියන 20ක්   කප්පාදු කරමින්  2021 වර්ෂය සඳහා අයවැය නිර්මාණය කර තියෙනවා.  ඒ අතරම ආරක්ෂක වියදම් පසුගිය වර්ෂයට සාපේක්ෂව තවත් ඉහළ දමා ගෙන තිබෙනවා. ඒ අනුව අපිට පෙනී යන්නේ වසංගතය හමුවේ ද මේ පාලකයන්  තමන්ගේ වුවමනාවන්  මර්නදනයෙන්  සාර්ථක කර ගැනීමට එළඹෙන වර්ෂයේ දී ද උත්සාහ දරන බවයි.

මේ අතර අද වාර්තා වෙනවා බස්නාහිර පළාත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණිය ධාවනය කළ අධි සුඛෝපභෝගී රියක් කොළඹ 7,කුරුදුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසැලකට කඩා වැදී  හානි සිදු කර ඇති පුවතක්. මේ සිදුවීමට සම්බන්ධ වන පොලිසිය  නීතියේ නිරුවත් භාවය ඉතා අපූරුවට සමාජයට හෙළිදරව් කරනවා.  පොලිසිය බලා සිටියදීම අනතුරට පත්වූ රියේ   අංක තහඩු ගලවා ගෙන යෑම සිද්ධ වෙනවා.  ගෙතු පුවතක් නොවන බව ඡායාරූප සාක්ෂි දරනවා. ඒ විතරක් නොව  මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා  2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය පදවා අනතුරක් සිදු කිරීමෙන් බොරැල්ල පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි  අහිමි කර ඇති බව වාර්තා වෙනවා.

රටේ ජනාධිපතිවරයා යනු නීතියට අණදෙන්නා ය. මේ ජේෂ්ඨ  පොලිස් අධිකාරිවරයා  යනු  නීතිය ක්‍රියාත්මක කරන්නා ය.  මේ සිදුවීම් දෙකෙන් අපට පැහැදිලි වෙන්නේ  නීතිය ක්‍රියාත්මක කිරීමට අණ දෙන්නා  නීතිය ක්‍රියාත්මක කළ යුතු පුද්ගලයාත්  මේ තරම් කැත විදිහට නීතිය නිර්වත්  කරමින් අපට කියන්නේ  නීතිය සැමට එක හා සමාන නොවන බවයි.


 

leave a reply