Breaking News

සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්

සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව කරමින් ඉන්නේ දේශපාලන සෙල්ලමක් බව කාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ  ලේකම් ධම්මික මුණසිංහ චෝදනා කරනවා.   ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි .  සමෘද්ධිලාභීන්ට  ලැබිය යුතු සමුර්දි දීමනාව නොලැබීමේ වැඩපිළිවෙලේ මුල් ආරම්භය සටහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති බවට පත්වෙලා ඉදිරිපත් කරපු සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන හරහායි .  මේ ක්‍රියාවලිය ආරම්භයම  ගැටලු නිර්මාණය කළ එකක් බව අද  මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික මුණසිංහ ප්‍රකාශ කර සිටියා.

leave a reply