වසර 1600 ක් පැරනි අතිශය අලංකාර Theodosius Cistern

Theodosius Cistern කියන්නෙ මාළිගාවක්ද ? පල්ලියක්ද ? රදල ප්‍රභූවරයෙක්ගෙ නිවසක්ද ? නෑ ඒක ඉපැරනි ඡල ටැංකියක් සහ පොකුණක්.
අපි මෙි දකින්නෙ ඒකෙ පාදම එහෙම නැත්නමි කුලුන දරා ඉන්න යෝධ කිරිගරුඩ ස්තමිභ සමුහය.

මෙි ඓතිහාසික ගොනැගිල්ල තියෙන්නෙ වත්මන් තුර්කියේ අගනුවර වන ඉස්තාන්බුල්වල නමුත් ක්‍රි.වර්ෂ 400 දි විතර මෙි ඉස්තාන්බුල්වල කොටසක් තමයි කොස්තන්තිනෝපල් නුවර කියල හැදින්වුනේ. ඒ සියවස් වල යුරෝපයේ ධනවත්ම හා විශාලම නුවර වුනෙත් ඒකයි. ඒක ශිස්ටාචාර තුනකට අයත් විශිෂ්ට නුවරක්. පළමුව රෝම ශිෂ්ඨාචරය දෙවනුව පර්සියන් ශිෂ්ටාචාරය අවසාන වශයෙන් තුර්කි ඔටෝමාන් ශිෂ්ටාචාරය.

වර්තමාන තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි කොස්ටන්ටිනෝපල්, ක්‍රිස්තු වර්ෂ 5 සිට 13 වැනි සියවසේ මුල් භාගය දක්වාම යුරෝපයේ විශාලතම සහ ධනවත්ම නගරය විය. එය නව රෝමය ලෙස ‘නැවත ඉදිකිරීමි-ආරම්භ කිරීම’ මගින්, මුල් ජනාවාසවල වාස්තුවිද්‍යාත්මක විෂය පථය සැබවින්ම උසස් කළේ රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසිනි.

ක්‍රි.ව. 428 සිට ක්‍රි.ව. 443 අතර කාලය තුළ රෝමානු අධිරාජ්‍යයා වූ II තියෝඩෝසියස් ගෙ අගනුවර වුනේ ඉතාලියේ රෝමය නෙවි තුර්කියේ කොස්තන්තිනෝපල් එයාගෙ මාලිගාවට ඡලය ගබඩා කරන්න සහ ප්‍රවාහනය කරන්න ඉදිකරන ලද තියෝඩෝසියස් ජලාශ ගොඩනැගිල්ලයි මෙි
ශිෂ්ටාචාරයෙන් ශිෂ්ඨාචරය මෙි අනර්ඝ ගොනැගිල්ල ආරක්ෂා කලා පමනක් නොව බාවිතයටද ගත්තා අද තුර්කියට එය විදේශිකයන් මෝහනය කරන ධන නිධානයක්.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...