වත්මන් ව්‍යාපාරික ආයතන පන්සල්

පිංකමට ප්‍රස්තුතය රාහුල කුමාරයා දායාද ඉල්ලීම දැක්වෙන ප්‍රතිමාව නිරාවරණය .
දැන් ඉතින් ප්‍රදර්ශනය හා ප්‍රදක්ෂිණාව .

සොබාදහම එක්ක බැදුණු ආරාම ජීවිතය පන්සල් වෙලා පන්සල මන්දිර වෙලා මන්දිර ව්‍යාපාරික මර්මස්ථාන වෙලා.

දර්ශනය ආගම වෙලා ආගම ප්‍රදර්ශන වෙලා අරමුණු ලාභවෙලා.

ලෝකෝත්තර සුව අමතක වෙලා. ඒකට කමක් නෑ..හැබැයි මේක පරලොව හිත සුව පිණිස වචනයෙන් පාටකරල ,අලංකාර කරල.

ලංකාවට මෑතකාලීන ලොකු ලෙඩක් තියෙනවා ලොකුම ඒවා හැදීම.අතීතයේ ගොඩනගපු පරාක්‍රම සමුද්‍රය ,අවුකන පිළිමය,ඩෝසන් කුළුණ සිට අපි නෙළුම් කුළුණ , කූරගල සිංහයා,යාපහුව සිංහයා දක්වා ජාතික මට්ටමේ විශාල නිර්මාණ අපිට තියෙනව.

එදා විශාල නිර්මාණ රටක් සනසද්දී මෙදා විශාල නිර්මාණ රටක මිනිසුන්ගේ මානවීය,ආර්ථික හා භෞතික ජීවන රටාවන් වනසනවා නොවේද යන්න මගේ හැඟීම.

මේ විශාලම දේවල් නැරඹීමේ ප්‍රීතිය ,ආසාව කොටසකට හොඳ ආදායම් මාර්ගයක්.

විශාලම දේවල් නැරඹීමේ ප්‍රීතිය මෙන්ම වන්දනය එක්තරා ආකාර උන්මාදයක් වගේම සංරක්ෂණ ප්‍රයෝගයක්.

ලොකුම ඒවා අපසතුවීමේ සුඛය ජීවන අපේක්ෂා අතර අපි බැඳ තබනව.අත් හැරීමට හුරුකරවන දහමක බදා ගැනීමට යොමුකරවන සැටියක් තමයි ලොකුම ඒවා හැදීමේ තෘෂ්ණාව මම දකින්නේ.

ලොකුම ඒවා හදන්න මූල්‍ය පරිත්‍යාග කරන පිංවතුන් අත් හැරීම ප්‍රගුණ කළත් ඒ තුළ තියෙන්නේ ප්‍රසිද්ධ වීමේ තෘප්තිය .තෘෂ්ණාව .

ලොකුම ඒවා අසල වැඳවැටෙන පුහුදුන් සත්වයා දෙව්ලොවට අඩියක් සමීපවීමේ සංරක්ෂණ ප්‍රයෝගයෙන් සැනසෙනව.

එක අතකට ලොකුම ඒවා මිනිස්සු මොහොතකට ප්‍රශ්නවලින් ඈත් කරනව.හිත් හදනව.සනසනව.

එහෙම බල්ද්දී වත්මන් ව්‍යාපාරික ආයතන වන පන්සල් (හැම පන්සලම නොවේ) කරන්නේ කාලීන අවශ්‍යතාවයක් පිරිමැහීම.

මිනිස්සුන්ගේ හිත් තාවකාලිකව සැනසීම.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...