අම්මා වරුන් වැඩියෙම හැඬුවේ අඳුරේ

දිනපති ගාව ගිනිගත් විට නබෝගැබ
දැවෙනා අයුරු හැම දාමත් එකම ලෙස
ගොළුවත රකින හැටි සේරම දරන් බර
අම්මා වරුන් වාගෙයි මේ අහස් කුස

ගිගුරුම් දීදී හඩ නගමින් හිටිහැටියේ
අහසට අවැසි ලෙස දුක නිදහස් කෙරුවේ
ලෝබ නැතිව දුක කියමින් බුදු කුටියේ
අම්මත් එසේමයි හද සුසුමන් හැරියේ

හිරුට මුවාවී කිරනින් හැඩය අරන්
අඳුරු වලා පට සඟවයි ගුවන හොරෙන්
මොහොතින් කිසිත් නූනාසේ පෙනුම තියන්
මවට සමානයි නිතරම ගගන ඉතින්

වැහි කෝඩය පොරකනවිට සියොත්මගේ
බැරිම තැනදි පමනයි අහසත් ඇඬුවේ
නොඇසෙන ලෙසට ඉකි බිදිමින් හද පතුලේ
අම්මා වරුන් වැඩියෙම හැඬුවේ අඳුරේ

 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *