අම්මා වරුන් වැඩියෙම හැඬුවේ අඳුරේ

දිනපති ගාව ගිනිගත් විට නබෝගැබ
දැවෙනා අයුරු හැම දාමත් එකම ලෙස
ගොළුවත රකින හැටි සේරම දරන් බර
අම්මා වරුන් වාගෙයි මේ අහස් කුස

ගිගුරුම් දීදී හඩ නගමින් හිටිහැටියේ
අහසට අවැසි ලෙස දුක නිදහස් කෙරුවේ
ලෝබ නැතිව දුක කියමින් බුදු කුටියේ
අම්මත් එසේමයි හද සුසුමන් හැරියේ

හිරුට මුවාවී කිරනින් හැඩය අරන්
අඳුරු වලා පට සඟවයි ගුවන හොරෙන්
මොහොතින් කිසිත් නූනාසේ පෙනුම තියන්
මවට සමානයි නිතරම ගගන ඉතින්

වැහි කෝඩය පොරකනවිට සියොත්මගේ
බැරිම තැනදි පමනයි අහසත් ඇඬුවේ
නොඇසෙන ලෙසට ඉකි බිදිමින් හද පතුලේ
අම්මා වරුන් වැඩියෙම හැඬුවේ අඳුරේ

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...