පොලීසිය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට තවත් ගේමක – ඊයේ අත්අඩංගුවට ගත් කැළණිය සිසුන් රිමාන්ඩ්

ඊයේ දිනයේ තලංගම පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා ලබන 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔවුන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනාව වන්නේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපලවලට හානි සිදුකිරීමයි.

මෙළෙස රිමාන්ඩ් බන්ධානාගාර ගත කෙරුනේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ලේකම් කියන ඩිල්ෂාන් හර්ෂණ නැමති සිසුන් වේ.

එදිනට මෙම සිසුන් දෙදෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහිදී සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පසුගිය වසරේ ජුනි මාසයේ සිදුවූ සිදුවීමක් බැවින් මාස ගණනවක් සාමාන්‍ය සමාජයේ සිටි දෙදෙනෙක්ට හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්විය නොහැකි බවයි. නමුත් පොලීසිය විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් ඉල්ලීමේ යටි අරමුණ මෙම සිසුන්ව හැකිතරම් කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීම බවද නීතිඥයන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...