Breaking News

2022 ලොව සිදු වූ මහා පරිමාණ පාරිසරික විනාශයන්.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

ලොව දස අත මහා පරිමාණ ස්වභාවික පාරිසරික විනාශයන් ගණනාවක් 2022 වර්ෂයේ දී සිදුවී ඇත. Europen windstorm season යුරෝපීය සුළු සුළි කුණාටු වාරය ලෙස සැලකෙන මහා සුළි කුණාටු ගණනාවක් යුරෝපය පුරා 2022 අවුරුද්ද තුළ ඇති වූ අතර අයර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම ඇතුළු රටවල් ගණනාවකට සුළි කුණාටු විසි තුනක් ඇති වී ඇති අතර එය පැයට කිලෝමීටර් 236 පමණ වේගයෙන් සිදුවී ඇත. එවැනි සුළු කුණාටු විසි තුනකට යුරෝපය මුහුණ දී ඇති අතර ඩොලර් බිලියන 3.73 ක් ආර්ථික පාඩුව වශයෙන් සඳහන් කර ඇත.

 

මිනිස් ජීවිත හැත්තෑ තුනක් ( 73 ) මෙම සුළි කුණාටු නිසා අහිමිවූ අතර සතුන්ට හා ශාකවලට සිදු වූ හානිය ගණන් බලා නැත. ඉන්දියාවේ උත්තර කාන්ඩ් ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් 4 වන දින දරා පාදිකා දණ්දා කඳු මුදුන තුළ තිබූ අයිස් කන්ද නාය යෑම නිසා ජීවිත ගණනාවක් අහිමිවූ අතර මෙය ලොව සිදු වූ අයිස් කඳු නායයාම් වලින් ස්වභාවික ව්‍යසනයන් ගණනාවක් නිර්මාණය කළ ස්වභාවික ව්‍යසනයක් ලෙස හඳුන්වා දිය හැකිය. ආජන්ටිනාව, බ්‍රසීලය, උරුගුවේ, පැරගුවේ යන ප්‍රදේශවලට 2022 ජනවාරි 10 ආරම්භ වී ජනවාරි 26 අවසන් වූ උණුසුම් සුළං නිසා එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිහක් ( 40° ) පමණ නිරන්තරයෙන්ම වාර්තා විය. දේශගුණික විපර්යාස වල බරපතලම බලපෑමක් ලෙස මෙය හැඳින්විය හැකි අතර උරුගුවේ වගාබිම්වල විශාල වශයෙන් ආහාර විනාශ වී ගියේය. එරට කෘෂිකර්ම හා මත්ස්‍ය අමාත්‍යංශය ගණන් බලා ඇති පරිදි ආහාර වලට ගන්නා කුකුළන් ලක්ෂ හතරක් පමණ මෙම නිසා මියගොස් ඇත.

දේශගුණික විපර්යාස සමග ඇතිවන කාන්තාරීකරණය, වියළි කාලගුණික තත්ත්වය, වර්ෂාව ඇද නොවැටීම නිසා 2022 වර්ෂයේ ඉරාකය තුළ දුහුවිලි කුණාටු කිහිපයක් ඇති වූ අතර 2022 මැයි මස 23 දින ඇතිවූ කුණාටුව නිසා ඉරාකය සහ සිරියානු ප්‍රදේශවලට අධික පාරිසරික බලපෑමක් එල්ල වූ අතර මිනිසුන් පන්දහක් පමණ රෝහල් ගත කළ බව බීබීසී මාධ්‍ය වාර්තා කර තිබිණි. දිනෙන් දින ඉහළ යන මූලික විපර්යාස හේතුවෙන් අරාබිය පුරා වෙනදාටත් වඩා දුහුවිලි කුණාටුව ඇතිවීමට පටන් ගෙන ඇත.

2022 ජූලි මස තුන්වන දින ඉතාලියේ මාරමොලාදා හිම කන්ද නාය ගිය අතර එය මීටර් 3309 පමණ උස් වූ කඳු මුදුනක තිබූ හිම කන්දකි. මෙම අයිස් තට්ටුව කඩා වැටීම නිසා එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සෙල්සියස් අංශක 10 ඉක්මවා උෂ්ණත්වය ඉහළ යාම හා උණුසුම් වායු ධාරාවන් එම ප්‍රදේශය වසා ගැනීම මෙයට හේතුව වශයෙන් භූ විද්‍යාඥයන් දක්වති. බරපතළම තත්ත්වය මෙවැනි අයිස් කන්දක් නිර්මාණය වීම සඳහා වසර ලක්ෂ ගණනාවක් ගත වී ඇති අතර, දේශගුණික විපර්යාස නිසා පමණක්ම ලොවම විනාශ මුඛයට පමණ වී නැති බව මෙම සිද්ධි අපට කියාපාමින් ඇත. 2022 වසරේ මොංගෝලියාවේ වනාන්තර ප්‍රදේශයක සිදු වූ ලැව් ගින්න නිසා හෙක්ටයාර මිලියන එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් ගිනි ගෙන දැවී ඇත . මෙය මොංගෝලියාව තුළ ඇතිවූ ලැව්ගිනි වලින් විශාලතම ලැව්ගින්න වන අතර 2021 හා සාපේක්ෂව මෙය74% ඉතා ඉහළ අගයක් ගනී. මෙම ලැව් ගින්න තුළින් සිදුවූ ජෛව විවිධත්වයේ විශාලත්වය සහ හානිය තවමත් ගණන් බලා නොමැත. උරුගුවේ montevideo හි 2022 ජනවාරි 17 සිදු වූ මහා ගංවතුර නිසා එරට විශාල ආපදා තත්ත්වයක් උදාවිය. උරුගුවේ ඇතිවූ ඓතිහාසික mustha අධික කාලයෙන් පසු මෙම ගංවතුර තත්ත්වය උදා වූ බව ඉහළ එරට ප්‍රවෘත්ති වාර්තා කර සිටියේය. නිවාස 17000 පමණ මෙම ගංවතුර නිසා හානි සිදු වූ අතර උරුගුවේ සිදු වූ දරුණුතම ගංවතුර ලෙස එය හඳුන්වනු ලබයි. 2022 වසර තුළ මෙලෙස මහා පරිමාණ ස්වාභාවික ව්‍යසනයන් ගණනාවක් ලෝකය පුරා සිදුවී ඇති අතර, එහි මූලික සාධකය ලෙස දේශගුණික විපර්යාස හඳුන්වා දිය හැකිය.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්
ජාතික සම්බන්ධීකාරක
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය.

leave a reply