Breaking News

ගොවියාගේ අහලකටවත් යන්නේ නැතුව මහින්දානන්ද ඈතින් ඉඳගෙන  පම්පෝරි ගසති

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසන ආකාරයට  වගා කටයුතු වලට අවශ්‍ය කරන තෙල් බොහොත්  ඉල්ලා පොලොන්නරුවේ කෙරෙන උද්ඝෝෂණ වලට සහයෝගය දක්වන්නේ වී මෝල් හිමියන්ය. එම වී මෝල් හිමියන් උද්ඝෝෂණ පවත්වන උදවියට කෑම බීම ටික සපයන හෙයින් උද්ඝෝෂණ උපවාස මට්ටමට පරිවර්තනය වී තිබේ.

 තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මේ මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 8 ක්  වි වගා කළ යුතු බවයි. මේ වන විට හෙක්ටෙයාර් ලක්ෂ 5 ක මූලික වැඩ ගොවියන් විසින් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කරනවා. එපමණක්ද නොව ඔහුගේ ප්‍රකාශයට අනුව මේ වන විට  අක්කර හෙක්ටයාර 244 000 ක වගා කටයුතු ආරම්භ කර අවසානයි. කෘෂිකර්ම ඇමතිගේ  විශ්වාසය නොවැම්බර් මාස අවසාන වනවිට මේ සියලුම ගොවියන් තමන්ගේ වගා කටයුතු ආරම්භ කර හෙක්ටයාර ලක්ෂ 8 ම  වී ගොවිතැනට සූදානම් කරනවා කියන එකයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ අද රාත්‍රියේ දී ඉන්දියාවේ සිට ගුවන් යානා හයකින් නැනෝ නයිට්‍රිජන් පොහොර පැමිණෙන බවයි. එපමණක්ද නොව ඔහුට අනුව  ගොවියන් 621,000 කට ආසන්න ප්‍රමාණයකට කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා රුපියල් 7,500 මූලික ගෙවීමක් ලබාදී තිබෙනවා. තව  සතියක් ඇතුලත ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට නැනෝ නයිට්‍රිජන් පොහොර යවන්නට ආණ්ඩුව වැඩපිලිවෙලක් නිර්මාණය කර තිබෙන බව ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ ඉහත කතාවට අනුව තෙල් බෙහෙත් පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන්නේ ගොවියන් නොවේය. එම උද්ඝෝෂණ පෙළපාලි වලට සහභාගි වී තිබෙන්නේ කෑම පැකට් එකට අරක්කු ටිකට එහෙම නැත්නම් අතට ලැබෙන කුමක් හෝ සොච්චමකට කුලියට පාරට බහින පිරිසකි.  ගොවියන් තමන්ගේ ගොවිතැන් කටයුතු කරගෙන යන අතර මේ උද්ඝෝෂණය කරන්නේ කඩාකප්පල්කාරීන් ය.

කෘෂිකර්ම ඇමති මේ සියලු පම්පෝරි ගසන්නේ ගොවියන්ට බොහෝ දුරින් සිටගෙනය. ආන්ඩුවේ වත්මන් ක්‍රියාමාර්ග තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව ගොවියාට ඇති බය කොපමනද කියන එකයි. රසායනික පොහොර භාවිතය අවම කර  පරිසර හිතකාමි කාබනික වගාවක් සාර්ථක කරගැනීමට අවශ්‍ය කරන  පියවර ගැනීම වරදක් නොවෙයි. නමුත් මේ ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ගොවි ජනතාවගේ යහපත සඳහා ‍ ක්‍රියා  කිරීම නොව කාගේ හෝ උවමනාවක් සංසිඳවා ලීමට අවශ්‍ය කරන යටිතල පහසුකම් නිර්මාණය කර දීමයි. තෙල් බෙහෙත් පොහොර ප්‍රශ්නය උත්සන්න වීමට හේතු වී තිබෙන්නේ ද මෙම උවමනාවයි.

ආණ්ඩුව ඇදගෙන නාගෙන අවසානය. සිදුවී ඇති ලැජ්ජාව සමනය කරගැනීමට දැන් ඔවුන්  ගොවියන්ට චෝදනා එල්ල කරමින් සිටී.

leave a reply