අපි අහලා තියෙන දන්න විදියට නම් මේ පනත යටතේ ඇවිත් උස්සන් යන අය ගැන කතා බහක් කෙරෙන්නෙ අඩුවෙන්. ඒ වගේම පළිගැනීම් චේතානාවෙන්මදෝ ආන්තික ලෙස බොහෝ පිරිසක් රඳවාගෙන සිටින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන හරියට දැනගන්න ඉවරවෙනකන්ම කියවන්න.
⭕ ඇත්තටම මොකද්ද මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ (PREVENTION OF TERRORISM) පනත කියන්න්නෙ..?
ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සම්බන්ද කාරණා සඳහා පුද්ගලයන් පුද්ගල කණ්ඩායමක් හෝ සංගමයක් පිළිබඳව ක්‍රියා කිරීම සඳහා තාවකාලික විධිවිධාන සැලසීම ක්‍රියාත්මක වන වැළැක්වීමේ පනතකි. 1979 අංක 48 ලෙස ජේ.ආර් ආණ්ඩුවෙන් තාවකාලික පණතක් ලෙස ගෙනැවිත් එක් දිනක් තුළ නීතිගත කරගත් තාවකාලික විධිවිධාන පනත 1982 අංක 10 දරණ සංශෝධිත පනත ලෙස එවකට පැවති රජය මඟින් සම්මත කරගන්නා ලදී. 1988 අංක 22 ලෙස් නැවත මෙය සංශෝධනය වූ අතර 2022 අංක 12 ලෙස මෙහි අවසන් සංශෝධනය නිකුත් කරන ලදී.
⭕ පනතේ දැක්වෙන වැරදි සහ දඬුවම් මොනවාද..?
මගේ විමසීමට අනුව නම් මේ පනත හරිම හාස්‍යජනකයි. හේතුව නම් මූලික වචන කණ්ඩය එහෙමත් නැත්තම් ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදියා නැත්තම් එවැනි කිසියම් මූලික අදහසක් දෙන ආකාර පැහැදිලි කිරීමක් මෙහි ඇතුලත් නොවීමයි. කෙසේ හෝ මෙහි සාමාන්‍ය අපරාධ ආකාරයේ ක්‍රියාකාරකම් ද ඇතුලත්ව යම් වැරදි සහ ඒවා සම්බන්ධ දඬුවම් පැහැදිලි ලෙස දක්වා ඇත.
උපුටා ගැනීම ???? (1) ඕනෑම පුද්ගලයෙක් ”
(අ) දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණ දණ්ඩනයට හෝ සිරදඬුවම් ලැබිය හැකි යම් නිශ්චිත පුද්ගලයෙකුගේ මරණයට හේතු වීම, හෝ නිශ්චිත පුද්ගලයෙකු පැහැරගෙන යාම හෝ පැහැර ගැනීම හෝ එවැනි ඕනෑම පුද්ගලයෙකුට වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීම අවුරුදු හතකට නොඅඩු; හෝ
(ආ) මෙම පනත යටතේ කිසියම් වරදකට සාක්ෂිකරුවෙකු වන ඕනෑම පුද්ගලයෙකුගේ මරණයට හේතු වන අතර, එවැනි ඕනෑම පුද්ගලයෙකුට පැහැරගෙන යාම හෝ පැහැරගෙන යාම හෝ වෙනත් ප්‍රහාරයක් සිදු කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණීය දණ්ඩනය ලැබිය හැකි ක්‍රියාවකි. හෝ වසර හතකට නොඅඩු සිර දඬුවමක්; හෝ
(ඇ) (ආ) ඡේදයේ සඳහන් ඕනෑම නිශ්චිත පුද්ගලයෙකුට හෝ සාක්ෂිකරුවෙකුට සාපරාධී බිය ගැන්වීම් සිදු කරයි; හෝ
රජයේ, ඕනෑම දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමුපකාර සමිතියක හෝ සමුපකාර සමිතියක දේපළ මංකොල්ලකෑමේ වරද සිදු කරයි; හෝ
(ඈ) රජයේ දේපල, ඕනෑම දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක්, රාජ්‍ය සංස්ථාවක්, බැංකුවක්, සමුපකාර සමිතියක් හෝ සමුපකාර සමිතියක් හෝ වෙනත් පොදු දේපලකට අනර්ථකාරී වරදක් සිදු කරයි; හෝ
(ඉ) පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලද හෝ භාවිතා කිරීමට අදහස් කරන ඕනෑම ගිනි අවි, ප්‍රහාරාත්මක ආයුධ, පතොරම් හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ කිසියම් භාණ්ඩයක් හෝ දෙයක් නීත්‍යානුකූල අධිකාරියකින් තොරව ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හෝ එකතු කිරීම; හෝ
(ඊ) නීත්‍යානුකූල අධිකාරියකින් තොරව, කිසියම් ආරක්ෂක ප්‍රදේශයක් තුළ, කිසියම් ගිනි අවියක් හෝ කිසියම් ප්‍රහාරාත්මක ආයුධයක්, පතොරම් හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන හෝ භාවිතා කිරීමට අදහස් කරන කිසියම් භාණ්ඩයක් හෝ දෙයක් තිබේ; හෝ
(h) කථා කරන ලද හෝ කියවීමට අදහස් කරන වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘශ්‍යමාන නිරූපණයන් මගින් හෝ වෙනත් හේතු හෝ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ වාර්ගික අසමගිය හෝ විවිධ ප්‍රජාවන් අතර අමනාප හෝ සතුරු හැඟීම් ඇති කිරීමට අදහස් කරයි. වාර්ගික හෝ ආගමික කණ්ඩායම්; හෝ
(i) නීත්‍යානුකූල අධිකාරියකින් තොරව, කිසියම් මහා මාර්ගයක, වීථියක, මාර්ගයක හෝ වෙනත් පොදු ස්ථානයක, ඕනෑම පුවරුවක හෝ වෙනත් සවිකිරීමක දිස්වන වචන, ශිලා ලේඛන හෝ අකුරු මකා දැමීම, විකෘති කිරීම, විකෘති කිරීම හෝ වෙනත් ආකාරයකින් බාධා කිරීම; හෝ
(j) මෙම පනත යටතේ එවැනි තැනැත්තෙකු වරදක් කර ඇති බව දැන හෝ විශ්වාස කිරීමට හේතු ඇතිව, ප්‍රකාශිත පුද්ගලයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු බිය වැළැක්වීම, බාධා කිරීම හෝ බාධා කිරීම වළක්වයි, සඟවා තැබීම හෝ වෙනත් ආකාරයකින්,
මෙම පනත යටතේ වරදකට වරදකරු විය යුතුය.
(2) නිශ්චිතව දක්වා ඇති වරදකට වැරදිකරු වන ඕනෑම පුද්ගලයෙක්
(i) (1) උපවගන්තියේ (අ) හෝ (A) ඡේදය වරදකරු වීම මත ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට යටත් විය යුතු අතර,
(ii) ඡේද (c), (d), (e), (f). (g). (h). (1) උපවගන්තියේ (i) හෝ (j) වරදකරු වීම මත වසර පහකට නොඅඩු නමුත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා සිරගත කිරීමට යටත් විය යුතුය.
උපුටා ගැනීම අවසන් ????
⭕ මෙම පනත ප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වූ අවස්තා මොනවාද..?
මේ පිළිබඳව දැනට කළ සොයා බැලීමට අනුව 1979 වසරේ දම්ල ජනයාට විරුද්ධව (හේතු රහිතව අත් අඩංගුවට ගත හැකි පරිදි) පළමු වරට ගෙන ආ මෙම පනත 1985 වසරේදී දෙනියාය ප්‍රදේශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ පිරිසක් අත් අඩංගුවට ගනු ලබන්නේ මෙම පනත යටතේ දකුණේ පුද්ගලයන් අත් අඩංගුවට ගත් පලමු අවස්තාව ලෙසයි. 1988/1989 කැරැල්ල සමයේදීද ප්‍රබල ලෙස මෙම පනත ක්‍රියාත්මක වූ අතර ඒ ස්ඳහා අවශ්‍ය වන අයුරින් යම් යම් වගන්ති 88 සංශෝධනයේදී වෙනස්කම් වලට ලක් විය. ඉන් පසු මෙය කැපී පෙනන අයුරින් නැවත කරලියට පැමිනෙන්නේ සිවිල් යුද්ධයත් සමගයි. අති විශාල දමිල සහෝදර සහෝදරියන් පිරිසක් අදටත් මේ යටතේ රඳවා තබාගෙන සිටින අතර 2019 පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු මැයි මාසයේදී මුස්ලිම් වරුන් සිය ගණනක් මෙම පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලදී. මෙතෙක් කතාව ඒ ආකාර වන අතර ඉන් පසු කවුරුත් හොඳි දන්නා පරිදි ගෝල්ෆේස් අරගලයට එරෙහිවද මෙම පනත නො අඩුව භාවිත කරන ලදී.
⭕ දැන් තමයි කතාවෙ හොඳම හරිය මේ යටතේ අත් අඩංගුවට ගන්නා අයෙකුට මහේස්ත්‍රාත්වරයෙකුට තියා ඇතැම් විට මහාධිකරණ විනිසුරුවෙකුටවත් ඇප ලබා දිය නොහකි, කිසිඳු පැහැදිලි නඩු නිමිත්තක් හෝ විමර්ෂණයකින් තොරව අත් අඩංගුවට හෝ රඳා ගැනීමට හැකියාව ඇති, නිර්දෝෂි බවට වන පූර්ව නිගමනය, ඔප්පු කිරීමේ භාරය සහ ප්‍රතිරෝධය දණ්ඩනය, නීතිය ඉදිරියේ සමානත්වය සහ වෙනස්කම් නොකිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය, අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ , සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ, රැකියාවේ, ආගමේ, සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාල වන මූලික අයිතිවාසිකම් මෙන්ම නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය මෙම පනත හරහා රාජ්‍ය ආරක්ෂක විෂය භාර අමාත්‍ය වරයා හෝ එම අමාත්‍යංශ ලේකම් වරයා තීරණය කරනු ලබන ස්ථානයක නියම කරණ කොන්දේසි වලට යටත් ව මාස 18 ක් දක්වා රඳවා තැබීමේ හැකියාව පවතී. එමෙන්ම රඳාවා තබාගැනීමේ කාල සීමාව දීර්ඝ කළ යුත්තේ ජනාධිපති වරයා විසිනි.
උපුටා ගැනීම ????
15 වැනි වගන්තියේ (2) උපවගන්තියේ හෝ 19 (අ) වගන්තියේ විධිවිධාන යටතේ කිසියම් පුද්ගලයකු රිමාන්ඩ් භාරයේ සිටින අවස්ථාවක, මෙම පනතේ හෝ වෙනත් නීතියේ වෙනත් කිසිදු විධිවිධානයක් තිබියදීත්, විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් ජාතික ආරක්‍ෂාව හෝ මහජන සාමය වෙනුවෙන් එසේ කිරීම අවශ්‍ය හෝ යෝග්‍ය බව ආරක්‍ෂකවරයාගේ මතය නම්, සාධාරණ නඩු විභාගයක් සහතික කිරීම සඳහා මහාධිකරණය විසින් ලබා දිය හැකි උපදෙස්වලට යටත්ව නියෝගයක් නිකුත් කළ හැකිය. එවැනි තැනැත්තෙකු, එම පුද්ගලයා යම් අධිකාරියක භාරයේ තබා ගත යුතුය, එවැනි ස්ථානයක සහ එවැනි අවශ්‍යතා සම්බන්ධයෙන් ඔහු විසින් තීරණය කරනු ලබන කොන්දේසිවලට යටත්ව.
(2) (1) උපවගන්තිය යටතේ කරන ලද ඕනෑම නියෝගයක් මහාධිකරණයට සහ බන්ධනාගාර කොමසාරිස් වෙත දන්වනු ලැබිය යුතු අතර, එම පුද්ගලයාගේ භාරකාරත්වය එම නියෝගයේ නිශ්චිතව දක්වා ඇති අධිකාරිය වෙත භාර දීම එම කොමසාරිස්වරයාගේ යුතුකම විය යුතුය. එවැනි තැනැත්තෙකුගේ භාරකාරත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනතේ විධිවිධාන අදාළ වීම නතර කළ යුතුය.
උපුටා ගැනීම අවසන් ????
⭕ මෙම පනත යටතේ අත් අඩංගුවට ගත් පිරිස වරද කරුවන් පිළිබඳ නැවත වරක් සටහන් කරන්නට වනු නියතය එනිසා නම් වශයෙන් කිහිපදෙනෙකු පිළිබද සඳහන් කරන්නේ අවශ්‍යතාවය ඇති අයට සොයාබැලීම පිනිසයි.
???? සදීෂ් කුමාර් (වසර 15කට ආසන්න කාලයක් කොළඹ, මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටියි.)
???? සිවලින්ගම් අරූරන් (රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී – වසර 16කට ආසන්න කාලයක්)
???? මුත්තයියා සහදේවන් (ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන නඩුවේ 6වෙනි චූදිතයා – මියගොස් ඇත)
???? අහ්නාෆ් ජසීම් (කවි පොතක් ලියා පලකිරීම නිසා)
???? සොලමන් අරුලානන්දම් ඩේවිඩ් (සහකාර වාස්තු විද්‍යාඥයෙකු හා නගර සැළසුම් ශිල්පියෙකු)
???? වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් (1983 වසරේ දී ඝාතනය කරන ලදී)
මේ පිළිබඳ මීළග දිගහැරුම තුලින් ඉහත න්ම් සඳහන් අය පිළිබඳ සහ මෙම පනත පිළිබද මගහැරුණු තොරතුරු නැවත සඳහන් කරමු.
මූලාශ්‍ර..
Journalist of Democracy in Sri Lanka
Lownet – ministry of justice
Parliament Sri lanka
ඉසුරු එදිරිසිංහ
2022-11-19