Breaking News

‘ඇත්ත වගේ බොරු කියන එක රනිල්ට අලුත් දෙයක්ද අනේ’

පසුගියදා පැවති 20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වෙමින් පවතියි. එහි ප්‍රමුඛම විවේචනය එල්ල වෙමින් පවතින්නේ නන්දා මාලනිය සම්බන්ධයෙන් රනිල් විසින් තොරතුරු පැවසීම ගැනයි.

මෙහිදී, 2020 වසරේ හොඳ ම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනීට හිමි වූ සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය අසුන්ගෙන සිටි ස්ථානයට ම ගොස් පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් ලෙස ඔලුප්පා දක්වා තිබුණි.

ෆේස්බුක් හි සටහනක් තබමින් සම්මාන උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි පවසා තිබුණේ සම්මාන දීමේදී තමන් විසින් ක්ෂණිකව යෝජනා කරන ලද ඇරයුමකට ජනාධිපතිවරයා එකඟ වූ හෙයින් එලෙස එම සම්මානය පිරිනැමූ බවයි.

මෙහි පැවති හාස්‍ය උපදවන කාරණය වූවේ ජනාධිපතිවරයා නන්දා මාලනිය ගැන සහ මාලනී ෆොන්සේකා ගැන අතේ පැළවෙන බොරු දෙකක් පැවසීමයි.

ඉන් එකක් නම් ‘රන් මුතු දූව’ චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රඟපෑවා බව පැවසීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙසේය.
“රන් මුතු දූවේ මාලිනී ෆොන්සේකා මෙතන ඉන්නවා. තාම මතකයි, ‘පිපී පිපී රේණු නටන’ සින්දුව.”

සිංහල BBC සේවය සමඟ අදහස් දක්වමින් ගුණසිරි සිල්වා පවසා ඇත්තේ රන් මුතු දූව චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක නොවූ අතර එහි ප්‍රධාන භූමිකාව ජීවරාණී විසින් රගපානු ලැබූ බවය.

මයික් ජේ විල්සන් අධ්‍යක්ෂණය කරන ලද, සෙරන්ඩිබ් චිත්‍රපට ඉදිරිපත් කළ ශේෂා පලිහක්කාර සහ ආතර් සී. ක්ලාක් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ මුල්ම අංග සම්පුර්ණ වර්ණ චිත්‍රපටය ලෙස හැඳින්වෙන රන් මුතු දූව චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස සමග එහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවා ඇත්තේ ජීවරාණී කුරුකුලසූරියයි.

මේ අතර ජනාධිපතිවරයාට දැක් වූ තවත් අදහසක් විවාදයට පාත්‍ර වී තිබේ. ඒ නන්දා මාලිනීට සම්මානය ලබාදෙන මොහොතේ ජනාධිපතිවරයා කියන ලද කරුණක් සම්බන්ධයෙනි.

“1963 සරසවි සම්මාන උළෙලේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දී මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සෙ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ දොයිය බබා නැළැවිලි ගීතය එතුමියගේ හඬින් අහපු අවස්ථාව මගේ හිතේ තවමත් තියෙනවා. ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීතයක් ලෙස තිබුණේ ඒ නැළවිලි ගීතයයි, Over the Waves වාදනයයි විතරයි. මෙතුමියගේ සංගීතය අප රස විඳිනවා. එතුමිය කළ සේවයට මගෙත්, මුළු රටේම ජනතාවගේත් ස්තුතිය මම පුද කරනවා.” ජනාධිපති රනිල් වික්‍රම්සිංග පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ගුණසිරි සිල්වා පවසන්නේ “මං දන්න තරමින් නම් ගම්පෙරළිය චිත්‍රපටයේ ගීතයක් තිබුණෙ නෑ,” යනුවෙනි.

නමුත් ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටිගෙන් මේ සම්බන්ධයෙන් විමසමින් ඔහුගේ ෆෙස්ක්බුක් පොස්ටුවට එක්කොට තිබු කමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා තිබුණේ එවන් ගායනයක් ගම්පෙරළියේ ඇති බවත්, නමුත් සිරස්තලවල නමක් සඳහන් කර නොමැති බවත් ය.

“ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවක හා නන්දක්කා හමු වූ අවස්ථාවක මම මේ ගැන වැඩි විස්තර අසා දැනගන්න උත්සාහ කරන්නම්” ඔහු එහි වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටය ‘ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය’ ලෙස ඉතිහාසයට එක්ව ඇති බවත්, චිත්‍රපටය වෙනුවෙන් ඩබ්ලිව්. ඩී. අමරදේව සංගීතය නිර්මාණය කොට ඇති බවත් යන්න පමණි. ‘ගීත ගායනය/ නැළවිලි ගායනා ‘ චිත්‍රපටයේ සිරස්තල නාම ලේඛනයට ඇතුළත්ව නොතිබුණි.

මෙම බොරු කිම්වලට අමතරව සම්මාන උළෙලේ ජූරිය ලබාදුන් තීරණ සම්බන්ධයෙනුත් විවේචන එල්ල වී තිබේ.

මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ජූරි සභාව සභිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත විය.

ඒ, ආචාර්ය ශර්මාල් විජේවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, පියල් කාරියවසම්, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, චතුර ජයතිලක, දීප්ති කුමාර ගුණරත්න සහ රංග දසනායකයි.

ජූරි මණ්ඩලය මෙවැනි සම්මාන උළෙලක් සඳහා සුදුසුද යන්න ගැන මෙන්ම ඔවුන් ලබාදුන් තීරණ සම්බන්ධයෙන්ද විවේචන එල්ල වේ. සිනමා විචාරකයන් ඇතුළු බොහෝ දෙනෙක් පවසන්නේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය යුත්තේ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නොව ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටය බවයි.

leave a reply