Day: November 13, 2020

  • පාරිකල්පිත ‘නවසේද මාවත’හෙට සජීවීව

    පාරිකල්පිත ‘නවසේද මාවත’හෙට සජීවීව

    ඉන්දීය මහා සයුරේ වැලි සම්පත කොල්ල කමින්, එ සයුර මත ම හිස ඔසවන, ‘තීර්ථ නගරය’ නම් කුඩා ‘අනාගතවාදී’ කෘත්‍රීම දූපත, චීන සමාගමක් විසින්, ඉපැරණි සේද මාවතේ හදවත බඳු කොළඹ නගරය අබියස, (මේ වන විටත්) ගොඩනැංවෙනු ලබමින් තිබේ.

    ‘විශ්වීය නගරයක්’, ‘තිරසාර නගර නිර්මිතයක්’, ‘දැකුම්කලු ගාම්භීර නරගයක්’, ‘ජීවිතය විඳින්නට වටින නගරයක්’ බඳු ආකර්ෂණීය (වෙළෙඳ) ප්‍රචාරණ සංකල්ප හරහා ‘තීර්ථ නගරය’ ඔසවා තැබීමේ අභිලාෂය වන්නේ විස්තාරිත කොළඹ නගරය, දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය පත්කීරීමයි.

    සුරංග කටුගම්පල සහ ජැස්මින් ඛාන් විසින් පරිකල්පිත, ඉතාලියේ මිලානෝ නගරයේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා නිරූපනය කෙරෙන මෙම ‘’වීඩියෝ ස්ථාපන කලා කෘතිය’’ තුළ වන ප්‍රක්ෂේපන ක්‍රීඩනය තුළින් මතුකෙරෙන තවමත් යථාර්ථයක්ව නො පවතින නගරක් පිළිබඳ ‘ප්‍රති-ප්‍රවාචනයක්’ (anti-rendering) උදෙසා අනාගතවාදී (දුරදක්නාසුළු) විකල්පවූත් අර්ථාන්විත වූත් පණිවිඩයක් වෙත සහෘදයා කැඳවනු ලබයි.

    ඉදින්, පාරිකල්පිත ‘නවසේද මාවත’ නම් (ඇටසැකිල්ල) සැකිල්ල මත, දැලක්වන්ව එළන ලද ජනතාව සහ බඩුභාණ්ඩ චනය වන්නාවූ රැලි නැගෙන සාගරය සහ වංගු සහිත ගොඩබිම ඇතුළත් ‘විභාවිත’ (conceived) භූමි දර්ශනය තුළ මානව අධ්‍යාත්මයේ සහ මානව ශරීරයේ ආශාව (සහ ප්‍රමෝධය) නව මානයකින් විකසිත වෙමින් තිබේ.

    https://www.facebook.com/events/280621786613655/

    හෙට ඉතාලි වේලාවෙන් සවස 6.00 ට  ඉහත ලින්ක් එකෙන් ඇතුල් වෙන්න

  • යුරෝපා සංගමයේ රටවල දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යයි

    යුරෝපා සංගමයේ රටවල දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යයි

    නොවැම්බර් 13  වනදා  අවසන් වන විට ලෝකයේ  Coved-19  ආසාදිත රෝගීන් ගණන 5 27 33 290  ලෙස වාර්තා වෙනවා . මේ අතරින් 12 93 183 මරණයට පත්වී තිබෙනවා. අද දිනයේ අවසාන වන විට ලෝකයෙන් වාර්තා වන අලුත් Coved-19 ආසාදිතයින් ප්‍රමාණය හය ලක්ෂය ඉක්මවා ගොස් තියෙන අතර  නවදහසකට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. මෙම මරණ අතරට යුරෝපා සංගමයේ රටවල් වලින් එකතු වන මරණ ප්‍රමාණය 3000 ඉක්මවා තිබීම  දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට පමණි.

    නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකා  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා වලට අනුව රටේ මුළු ආසාදිතයින් ගණන දාසය දහස් එකසිය අනූ එකක් වන අතර මරණ පනස් තුනක් සිදු වී තිබෙනවා. නොවැම්බර්  දහතුන් වනදා මරණ පහක් වාර්තා වෙනවා.

    අද  ඉතාලිය නව ආසාදිතයන් 40 902 ක්  සොයාගනු ලබන්නේ PCR   පරීක්ෂණ 254 908ක් කිරීමෙන් අනතුරුවයි. දැඩිසත්කාර ඒකකයේ  ‍ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3,230  ක් වන අතර අද දින 550 ක් මරණයට පත් වී තිබෙන බව වාර්තා වෙනවා. Coved-19  ආසාදිත සංකූලතා හේතුවෙන් අද මරණයට පත්වූ ළමා විශේෂඥ වෛද්‍යවරයා ඇතුළුව කොරෝනා  වසංගතය ඉතාලිය ආක්‍රමණය කළ දා සිට  මරණයට පත්වී ඇති වෛද්‍යවරු සංඛ්‍යාව 189කි .