ආර්ථික අර්බුදය දරාගත නොහැකිව කාන්තාවක් සියදිවි නසාගනියි

පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටියි. මෙහිදී ආහාර සහ ඖෂධ වෙත ප්‍රවේශ වීමේ අයිතිය බරපතල ලෙස කඩවීමක් දක්නට ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වුයේ මෙරට මිලියන 3.4ක ජනතාවට මානුෂීය ආධාර අවශ්‍යය බවයි.

මෙවැනි වටපිටාවක කෑම සඳහා ආහාර සපයා ගැනීමට කිසිවක් නොමැති වීමේ දුෂ්කරතාව ඉවසාගත නොහැකිව අරණායක ප්‍රදේශයේ කාන්තාවක් දිවි නසා ගෙන තිබෙනවා.

මෙම කාන්තාව නිවසේ තිබූ පලිබෝධ නාශකයන් වැනි විෂ දියරයක් පානය කිරීමෙන් ඊයේ (01) මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අරණායක ප්‍රදේශයේ බොස්සැල්ල, කළුගල 55 කොටසේ පදිංචිව සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්.

මියගිය වයෝවෘද්ධ කාන්තාව සැමියා සමඟ ජීවත් වී ඇති අතර එකම දියණිය රඹුක්කන, ගබ්බල ප්‍රදේශයේ ජීවත් වෙන බවයි සඳහන් වන්නේ.

ජිවිතක්ෂයට පත්වූ එක්දරු මවගේ සැමියා මීට පෙර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් සැමියාගේ කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක් ඇවිද ගැනීමට නොහැකිව දැඩි ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබෙනවා.

ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනා ලෙස රුපියල් 1900ක් සහ ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950ක් සමඟ මසකට රුපියල් 3850ක මුදලකින් ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණ පරීක්ෂණයේ දී මියගිය කාන්තාවගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් වයෝවෘද්ධ බිරිඳ දින ගණනාවක සිට කනස්සලෙන් සිටි බවයි.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...