උගනිව්, නායකත්වය උදුරා ගනිව්!

උගනිව්, සරල දේ පවා

කාලය එළඹ ඇත්තයෙ

පමා විය යුතු නැත….

අයනු ආයනු පමණක් නොවටී,

එහෙත් එයද උගනිව්

පසුබට නොවී අද අදම අරඹව්

සියල්ල උගනිව්

නායකත්වය උදුරා ගනිව්!

 

උගනිව්, රැකවලෙහි මිනිසුනි

උගනිව්, සිරගත මිනිසුනි

උගනිව්, ගෘහණියනි

උගනිව්, හැට විය ඉක්මවූ මිනිසුනි

නිවහනක් නැති නුඹලා

පාසලක් සොයා යව්…

බියපත් මිනිසුනි, විමසුම් සහිත වව්

සයින් සිටින මිනිසුනි, පොත් සොයා යව්

අවියකි එය…

නායකත්වය උදුරා ගනිව්!

 

බිය නොවව් විමසන්නට සොයුරනි,

යටපත් නොවී සිටිනු

ඔබම විමසා බලව්….

නොදන්නේ නම් එය නුඹ නොදන්නෙය

ගණනය කර බලව්..

ගෙවිය යුත්තේ නුඹමය

හැම දෙයම විමසා බලව්

එසේ වන්නට හේතු විමසව්

නායකත්වය උදුරා ගනිව්!

 

(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් 1935 නිෂ්පාදනය කළ ‘අම්මා‘ නාට්‍ය සඳහා ලියූ In Praise of Learning ගීතයේ අනුවාදයකි)

‘රළ’ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...