උගනිව්, නායකත්වය උදුරා ගනිව්!

උගනිව්, සරල දේ පවා

කාලය එළඹ ඇත්තයෙ

පමා විය යුතු නැත….

අයනු ආයනු පමණක් නොවටී,

එහෙත් එයද උගනිව්

පසුබට නොවී අද අදම අරඹව්

සියල්ල උගනිව්

නායකත්වය උදුරා ගනිව්!

 

උගනිව්, රැකවලෙහි මිනිසුනි

උගනිව්, සිරගත මිනිසුනි

උගනිව්, ගෘහණියනි

උගනිව්, හැට විය ඉක්මවූ මිනිසුනි

නිවහනක් නැති නුඹලා

පාසලක් සොයා යව්…

බියපත් මිනිසුනි, විමසුම් සහිත වව්

සයින් සිටින මිනිසුනි, පොත් සොයා යව්

අවියකි එය…

නායකත්වය උදුරා ගනිව්!

 

බිය නොවව් විමසන්නට සොයුරනි,

යටපත් නොවී සිටිනු

ඔබම විමසා බලව්….

නොදන්නේ නම් එය නුඹ නොදන්නෙය

ගණනය කර බලව්..

ගෙවිය යුත්තේ නුඹමය

හැම දෙයම විමසා බලව්

එසේ වන්නට හේතු විමසව්

නායකත්වය උදුරා ගනිව්!

 

(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් 1935 නිෂ්පාදනය කළ ‘අම්මා‘ නාට්‍ය සඳහා ලියූ In Praise of Learning ගීතයේ අනුවාදයකි)

‘රළ’ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...