Breaking News

ජාතිකවාදයට අයත් වනෝද්‍යාන සහ ජාතික වනෝද්‍යාන…

නුවන් බෝපගේ

සෝමාවති වන උද්‍යානය මෑත භාගයේ බරපතලම වන විනාශයට ලක්වන වනෝද්‍යානය වේ.2019 දෙසැම්බර් මසදී වත්මන් රජය බලයට පත්වූ වහාම රක්ෂිතයට මායිම් වන මහවැලි ගගෙහි විශාලම වැලි තැන්පතුව කන්තලේ ප්‍රදේශයෙන් ගොඩදැමීමට සමාගමකට බලපත්‍රයක් ලබාදෙන ලදි.එහිදී නව රජය පත්වූ ආරම්භක කාල වකවානුව වූ බැවින් ඊට විරුද්ධව ජනතාව පෙළ ගැසුනද විවිද උපක්‍රම මගින් ඔවුන් සංවිධානගත වීම වැලැක්වීමට රජයට හැකිවිය.අවසාන උත්සහය ලෙස අප ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදි.

 

එහිදී රජයේ පාර්ශවයෙන් කියා සිටියේ එම වැලි තැන්පතුව හේතුවෙන් ගංවතුර ඇතිවන බවයි.ඇත්තටම සෝමාවති වන උද්‍යානය පවතින්නේ වසරකට වරක් සිදුවන ඒ ගංවතූර ගැලීම් නිසා තැන්පත් වන ජලය හේතුවෙනි.එහ නිසාම එය ජලගැලුම් නිම්නයක් ලෙස නම්කර ඇත.පැයකට අධික කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එහි බරපතල කම තේරුම් කිරීමට උත්සහ දැරැවද එය ව්‍යවර්ථ විය.

 

එක් වින්ශ්චයකාරතුමෙකු වැලි ගොඩදමා හෝ සෝමාවතී පන්සල ජලයෙන් යට වීම වැලැක්විය යුතුමයි ප්‍රකාශ කිරීම මතම අධිකරණ වැනි ආයතන පාරිසරික සටනේදී ප්‍රමුඛ තැනක ස්ථානගත කිරීමේ බරපතල වැරැද්ද නැවත අවධාරණය කරන ලදි.අවසානයේ නඩූව නිෂ්ප්‍රභා කලා පමණක් නොව ජනාධිපතිවරයා හදිසියේම වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගූ කරන තීරණයක් ගෙන ඒම වැලි තැන්පතූව කැනීම් පමණක් නොව ප්‍රවාහනයට ද රැකවරණය ලබා දෙන ලදි.

සෝමාවතිය දකුණු මායිමේ අක්කර සිය ගණනක් රජයට හිතවත් සහල් මෝල් හිමියෙකු හෙලි කරන ලද අතර එයට මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා දීමත් සමග එය නැවැත්වූ බව ප්‍රකාශ විය.නමුත් මා පසුගිය මස කරන ලද සංචාරයේදී දැකගැනීමට ලැබුනේ එම ව්‍යාපාරිකයා ඉරිගු වගාවකට එම බිම් වෙන් කර ඇති බවට බෝඩ් ලෑල්ලක් ගසා ඇති බවය.

තවද සෝමාවතියේ දකුණු මායිමේ පරිවාර වනය තුළ අලිමංකඩක් හෙලිකර කුකුල් ගොවිපලක් තවත් ව්‍යාපාරිකයෙකූට ඉදි කිරීමට අවසර දී ඇති අතර අලිමංකඩ පටු වීම නිසා අලි නිතරම ගම් වදිනු ලබයි.මේ වන විටත් අසරණ මිනිසුන් දහයක් පමණ අලි පහර දීමෙන් මියගොස් ඇත.තවද මාදුරැ ඔය දකුණු ඉවුරේ උක් වගාව සදහා චීන සමාගමකට අක්කර 60000 ක් පමණ දීමට නියමිතය.ඉන් අතුරැව එහි ජීවිතය බේරා ගන්නා අලි ප්‍රමාණයද පැමිණෙන්නේ වැලි කන්ද අවට ප්‍රදේශයටය.

තවද ඩෝල් ලංකා සමාගමටද උක් වැවීම සදහා රක්ෂිතයේ අක්කර දහස් ගණනක් ලබාදී ඇත.ගැටලුව වන්නේ විනාශ කරන්නා දෙමල හෝ මුස්ලිම් නොවීම නිසා ඊනියා ජාතිකවාදීන්ට එය අවුලක්ද නොවීමයි.මේ ගැන මාකල කෙටි වාර්තා කිරීමක් මෙහි අමුණා ඇත.අද දින අලිවැට ඇමති දිග හරින ලද්දේ අලුත් ජවනිකාව ක් නොව එම පවතින යථාර්ථයේ තවත් දිගුවක් පමණි.

leave a reply