Breaking News

නාමල් කජ්ජාගේ බිරිඳ ගැන කළු චිත්‍රයක් මවන්න හදන්නේ ඇයි ?

වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවුනු හඳුනා ගැනීමක් සිද්ධ කරන්නට අනුර ශාන්ත නොහොත් කජ්ජා නමැති පුද්ගලයාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය කැමැත්තෙන් පැමිණ සාක්ෂියක් ලබා දී තිබෙනවා . හිදී ඇය CCTV දර්ශන නිරීක්‍ෂණය කර මෙතෙක් කාටවත් හඳුනා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයෙක්ව හඳුනාගෙන තියනවා . එසේ හඳුනාගත් පුද්ගලයා තම ස්වාමිපුරුෂයා වන කජ්ජා නොහොත් අනුර ශාන්ත බව ඇය තහවුරු කර තිබෙන බව සැප්තැම්බර් 30  දා මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත හෙළිදරව් කරනු ලැබුවා . මෙසේ හෙළිවන කරුණු ඔස්සේ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් එම හඳුනා ගැනීම වසිම් තාජුඩීන්ගේ ඝාතකයා සොයා ගැනීමට අලුත් මාවතක් නිර්මාණය කරන බවත්  පෙනෙන්නට තියෙනව .

වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ රාජපක්ෂ පාර්ශවයට වුවද එය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය අධිකරණය හමුවේ ඉදිරිපත් කරලා නැහැ .. එවන් තත්ත්වයක් යටතේ තමයි අනුර නිශාන්ත නොහොත් කජ්ජාගේ බිරිඳ මේ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ . කජ්ජාගේ දේශපාලන සම්බන්ධතාවය රාජපක්ෂලා සමග ගැට ගැසී තිබෙන නිසා වසිම් තාජුඩීන්ගේ ඝාතනයට රාජපක්ෂලා වෙත එල්ල වෙන චෝදනා යළි අලුත් කරීමට  කජ්ජාගේ බිරිඳගේ මැදිහත්වීම ඉවහල් වෙලා තියෙනවා .  එහි සත්‍ය අසත්‍යතාවය තවදුරටත් තහවුරු කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවෙන අතර වසිම් තාජුඩීන්ගේ වාහනය පසුපස හඹා යන රථයට ගොඩ වුණේ කජ්ජා බව බිරිඳ තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැනුම් දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද මාධ්‍ය හමුවක් කැඳවා අදහස් ප්‍රකාශ කළා .

රාජපක්ෂ මෙහිදී තහවුරු කරන්න උත්සාහ කළේ ආණ්ඩුව දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව ඉදිරියේ අපකීර්තියට ලක් කිරීමට උත්සාහ කරන බවයි.වසිම් තාජුඩීන්ට නීතියේ සාධාරණත්වය ඉෂ්ට විය යුතු බවත් ඔහු එහිදී පෙන්වා දෙනවා. 

කජ්ජාගේ බිරිඳ ඔහුව හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන නාමල් රාජපක්ෂ ප්‍රශ්න කර සිටින්නේ ඒ ඇයගේම ස්වාමිපුරුෂයාද ඇය පහුගිය කාලේ ජීවත් වුණේ කොහෙද කියන එක පිළිබඳවත් සලකා බලන්න වෙනවා කියලයි . එම අදහසින් ගම්‍ය වෙන්නේ ඇගේ හඳුනා ගැනීම බොරුවක් බවත් , මේ සිද්ධ කරමින් සිටින්නේ ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන  පාන බවයි. 

ආණ්ඩුව නිරන්තරයෙන් තමන්ව ප්‍රශ්න කරන අවස්ථාවේදී ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට ඒ ප්‍රශ්න යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා අපක්ෂපාතිව පරීක්ෂණ කරන්න.සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඒ වගේම තමයි මේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වෙන්න පුළුවන් යම්කිසි වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවෙ වුවමනාව මත මාධ්‍යට ඇවිල්ලා බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොතින් අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්‍ෂණකටයුතුවලට අගතියට පත්වෙන විදියට තමන්ගේ ප්‍රකාශන කටයුතු කරන්න ලෑස්ති වෙනවා නම් ඒ පිළිබඳවත් අප ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා.

 කෙසේ වෙතත් වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කතාබහ ඉස්මතු වන විට රාජපක්ෂලාගේ කුලප්පුවීම දිගින් දිගටම සිදුවන්නකි.. එම කුලප්පුවේම දිගුවක් ලෙස මේ සිදුවීම  ගැටගසා තැබිය හැක . 

leave a reply