ධම්මික පෙරේරා නිසා ජන බලවේගයයි සමගි ජන බලවේගයයි පාර්ලිමේන්තුව මගහැරියා.

Date:

ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ කතානායක ඉදිරියේ දිවුරුම් දෙනවා.සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජන බලවේග කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.ආණ්ඩුව පාර්ශ්වයෙන් විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද පසු ගියදා නිවේදනය කරනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබෙන්නේ ජනතාව අපේක්ෂා කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනය නෙවෙයි. රනිල් ගෝඨා ඇතුළු පොදුජන පෙරමුන උවමනාවන් සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයකි. මේ සතියේ පාර්ලිමේන්තුව තුළ හෝ දේශපාලන කරළිය තුළ විශේෂ දෙයක් සිදු වන්නට තිබුණෙ නැහැ. මේ සතියේ සිදුවීමට නියමිතව තිබුනේ සමාජ කතාබහට ලක්වූ , දේශපාලන විවේචනයට පාත්‍රවු, ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේ සිදුවීමයි. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට එන්නේ ඕනෑම අසූචි ගොඩක් පාර්ලිමේන්තුවට ගෙන එන්නට හැකි වන ලෙස නිර්මාණය කර තිබෙන ජාතික ලැයිස්තුව නම් ඊනියා නීතියට අනුකූලවයි.

සමාජය තුළ ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු පැමිණීමට එරෙහි ජනමතයක් ගොඩනැගී තිබෙන මොහොතක ඊට විරෝධය නොපා සිටීමත්, ජනතා අප්‍රසාදයට ලක්වීමට හේතුවක් වන්නට තබුණි . ධම්මික පෙරේරා කියන්නේ බඳු වංචනිකයෙක්. විදෙස් රටවල කුණු ලංකාවට ගෙනවිත් නමට ඉදිරියෙන් කුණු විශේෂණය යොදා ගත්තු අපවිත්‍ර ව්‍යාපාරිකයෙක්. එපමණක් ද නොව අසාධාරණ ලෙස ශ්‍රමය සූරා කමින් අදික ලාභය උදෙසා සියල්ල දේශපාලන රැකවරණ ආරක්ෂාව යටතේ ව්‍යාපාර කරන්නේ.

සමගි ජන බලවේගය, ජන බලවේගය, මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ වෙන කිසිදු දේශපාලන වාසියක් රටේ ජනතාවට ලබාදීමට ඇති හැකියාව නිසා හෝ වුවමනාව නිසා නොවන බව තමයි අපගේ වැටහීම. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන මොහොතේ පාර්ලිමේන්තුව තුළ විරෝධය නොපා සිටියොත් ජනතාවගේ පිළිකුලට ලක් වීමට තියෙන ඉඩකඩ වැඩියි. සමගි ජන බලවේගය ට ධම්මික පෙරේරා සමග විශාල ආරවුලක් නැතිවුනත්, ජන බලවේග කණ්ඩායමට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන ධම්මික පෙරේරාට සුබපතා පිළිගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා වඩා හොඳම දේ මගහැර සිටීමයි. දෙපාර්ශවය මේ සතියේ පාර්ලිමේන්තුව මගහැරීමෙන් සිදු කළේ ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සුභ පැතීමෙන් වැළකී සිටීමයි.

සතියකට පස්සෙ පාර්ලිමේන්තුවේ සිටින ධම්මික පෙරේරා පැරණිය. සතියකට පසුව ජනතාවටද ඔහු පිළිබඳව මතකයද අඩු වී තිබෙනු හැකිය. ඉතින් මේ හැම යාලුවෙක් ම දේශපාලන ගේම් ගහන්නේ ජනතාවට කොකා පෙන්වමින්ය.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...