IMF එක තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඇති බාධකය ජනතාව ලෙස දක්වලා තියෙනවා – පුබුදු ජයගොඩ

Date:

ණය ලැබුණු බව කියමින් කෑ ගහන අයට නොරැවටෙන ලෙසත් මේ සිද්ධ වෙමින් යන්නේ විනාශයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ IMF එක ලංකාව පිළිබඳ සිය වාර්තාවේ තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ඇති බාධාව ජනතාව ලෙස දක්වා ඇති බවයි. ඒ අනුව හෙට සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිළිවෙත් අනුව දියත්වෙන ජනතා විරෝධී සියලු ක්‍රියාමර්ග ජන බලයෙන් පරාජය කළයුතු බව ඔහු පවසයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“ණය හම්බුනා ණය හම්බුනා කියලා කෑ අහන ඒවාට පොඩ්ඩක්වත් රැවටෙන්න එපා. සිද්ධ වෙමින් යන්නේ විනාශයක්. මේ විනාශයට විරුද්ධව හෙට ඉඳලා පාරට බහින්න වෙනවා. ඒ පාරට බහින්න වෙනවා කියන එක දැනගෙන වෙන්න ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව පිළිබඳ වාර්තාවේ ඔවුන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඇති අවදානම් එක කොටසක් නම් කරලා තියෙනවා. ඒ කොටසේ ලියලා තියෙනවා ජනතාව මේවට විරුද්ධ වෙයි, මීට කලිනුත් ජනතාව විරුද්ධ වුනු වෙලාවට පොරොන්දු වූ කොන්දේසි ඉටුනොකර හැරියා. මේ සැරේනම් ඒවා කරන්න ලෑස්ති වෙන්න එපා කියලා තියෙනවා. එහෙමනම් ජනතාවගේ විරෝධය මැදනම් මේවා කරන්න වෙන්නේ උත්තරය විදිහට තෝරන්න වෙන්නෙ මර්දනය. අන්න එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙයි,ඇමරිකා එක්සත් ජනපදයෙයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙයි ප්‍රජාතන්ත්‍රවාදී පිරුවට ගැලවෙන්නේ එතකොට. IMF එක කියලා තියෙනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී බාධකය විය හැක්කේ ජනතාව කියලා. ඒ නිසා ඔවුනුත් පිළිගන්නවානම් ඔවුන්ට අවදානම තියෙන්නේ ජනතාවගෙන් කියලා මේ දේශපාලන නාට්‍යයේ ප්‍රධාන නළුවාගේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන්නේ ජනතාව. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා ප්‍රධාන චරිත දෙක විතරක් නෙමෙයි තිරපිටපත ලිවීමේ වගකීමයි, අධ්‍යක්ෂණය කිරීමේ වගකීමයි, ඔක්කොම බාරගන්න ජනතාවගේ බලයකින් මේ දුෂ්ඨ වෑයම පරද්දමු. හෙට සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිළිවෙත් අනුව දියත්වෙන ජනතා විරෝධී සියලු ක්‍රියාමර්ග ජන බලයෙන් පරාජය කරමු.”

https://web.facebook.com/frontlinesocialist/videos/202967142355843/

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...