ධම්මික පෙරේරාට ආයෝජන ප්‍රවර්ධන ඇමතිකම

ධම්මික පෙරේරා අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ධම්මික පෙරේරා මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වසර කිහිපයක්ම කටයුතු කර තිබෙනවා. එම කාලයේ සිදුකිරීමට නොහැකිවූ ආයෝජන ප්‍රවර්ධනය දැන් කිරීමට හැකි වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය පවතියි.

ඔහු තම පෞද්ගලික වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට ඍජු විදේශ ආයෝජන අපේ රටට ගෙන්වා ගැනීම සඳහා බදු විරාම සහ අනෙකුත් දිරි ගැන්වීම් හඳුන්වා දිය යුතුය. මෙම උපාය මාර්ගය කාලයක් පුරා ආර්ථිකය ගොඩ දැමීමට පැමිණෙන සියල්ලන් ගසන බයිලාවකි. නමුත් පසුගිය දශක කිහිපය පුරාම අපේ රටට ඍජු විදේශ ආයෝජන පැමිණ ඇති ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දශම ගණනකි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...