Breaking News

ධම්මික පෙරේරාට ආයෝජන ප්‍රවර්ධන ඇමතිකම

ධම්මික පෙරේරා අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ධම්මික පෙරේරා මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වසර කිහිපයක්ම කටයුතු කර තිබෙනවා. එම කාලයේ සිදුකිරීමට නොහැකිවූ ආයෝජන ප්‍රවර්ධනය දැන් කිරීමට හැකි වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය පවතියි.

ඔහු තම පෞද්ගලික වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට ඍජු විදේශ ආයෝජන අපේ රටට ගෙන්වා ගැනීම සඳහා බදු විරාම සහ අනෙකුත් දිරි ගැන්වීම් හඳුන්වා දිය යුතුය. මෙම උපාය මාර්ගය කාලයක් පුරා ආර්ථිකය ගොඩ දැමීමට පැමිණෙන සියල්ලන් ගසන බයිලාවකි. නමුත් පසුගිය දශක කිහිපය පුරාම අපේ රටට ඍජු විදේශ ආයෝජන පැමිණ ඇති ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දශම ගණනකි.

leave a reply