නිරායුධ අපේ දරුවන්ට එරෙහිව ආයුධ ඔසවන අපේම දරුවෝ..

අද ( 16 ) දහස් සංඛ්‍යාත මිනිස් සේනාවක් කොළඹ ,තුංමුල්ල හන්දියට එක්රොක් විය. ඔවුන් අත සටන්පාඨ සහිත පුවරුවක් සහ කුඩා සටන්පාඨ කොලයක් දක්නට ලැබින . එ්වායේ තිබුණේ වසන්ත මුදලිගේ නිදහස් කල යුතුය යන්න සහ පවතින අර්බුදය මත ඇති ජනතා පීඩාව පිළිබඳවයි. ඒ හැර ගල් කැටයක් වත් මේ දරුවන් ලඟ නොවීය. එකී පුවරු ඔසවා සටන්පාඨ කියමින් ඔවුන් ඉදිරියට ඇදෙනු දක්නට ලැබිණ.

මෙම ගමන වැළැක්වීමට කුළු පොලු රැගත් පිරිසක් සාමකාමී ජනතාව අතරට කඩා වැදී අවස්ථා කිහිපයකදී පහර දෙන ලදී. කුළු පොලු රැගත් පිරිසක් සාමකාමී ජනතාව අතරට කඩා වැදී අවස්ථා කිහිපයකදී පහර දෙන ලදී. මෙසේ පහර දීමට වරෙක පල්වතරත් තවත් වරෙක කඳුළු ගෑසුත් භාවිතා කරන ලදී . තවත් වරෙක මේ අතර ධම්මික මුනසිංහ ඇතුළු අරගල කරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණ .

⁣ජනතාව මහපාරට ඇද දැම්මේ පාලකයින්ය. පාලකයින් රැකගැනීමට අවි අමෝරා ගෙන සිටියේ අපේ පන්තියේම දරුවන් සහ පියවරුන්ය. අපේ දරුවන්ට පහර දීමට අණ දුන්නේ අපේ දුක , පීඩාව ගැන නොදන්නා අපේ පන්තියේ නොවන උන්ය.

“ලෙනින් කී පරිදි පලන පලන ඔළුවක් ගානෙ සහ මරණ මරණ මිනිසුන් ගානට ඔවුන්ට තරු ,පටි, සම්මාන” ලැබෙති. අසාධාරණ ලෙස, අනීතික ලෙස සිදුවන රාජ්‍ය පාලනය විසින් උතුරේ සහ දකුණේ දරුවන් දහස් ගණනින් සිරගත කොට ඇත . මේ සියල්ල විසඳාගැනීම සඳහා ඇති එකම මග අර⁣ගලයයි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...