නිරායුධ අපේ දරුවන්ට එරෙහිව ආයුධ ඔසවන අපේම දරුවෝ..

අද ( 16 ) දහස් සංඛ්‍යාත මිනිස් සේනාවක් කොළඹ ,තුංමුල්ල හන්දියට එක්රොක් විය. ඔවුන් අත සටන්පාඨ සහිත පුවරුවක් සහ කුඩා සටන්පාඨ කොලයක් දක්නට ලැබින . එ්වායේ තිබුණේ වසන්ත මුදලිගේ නිදහස් කල යුතුය යන්න සහ පවතින අර්බුදය මත ඇති ජනතා පීඩාව පිළිබඳවයි. ඒ හැර ගල් කැටයක් වත් මේ දරුවන් ලඟ නොවීය. එකී පුවරු ඔසවා සටන්පාඨ කියමින් ඔවුන් ඉදිරියට ඇදෙනු දක්නට ලැබිණ.

මෙම ගමන වැළැක්වීමට කුළු පොලු රැගත් පිරිසක් සාමකාමී ජනතාව අතරට කඩා වැදී අවස්ථා කිහිපයකදී පහර දෙන ලදී. කුළු පොලු රැගත් පිරිසක් සාමකාමී ජනතාව අතරට කඩා වැදී අවස්ථා කිහිපයකදී පහර දෙන ලදී. මෙසේ පහර දීමට වරෙක පල්වතරත් තවත් වරෙක කඳුළු ගෑසුත් භාවිතා කරන ලදී . තවත් වරෙක මේ අතර ධම්මික මුනසිංහ ඇතුළු අරගල කරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණ .

⁣ජනතාව මහපාරට ඇද දැම්මේ පාලකයින්ය. පාලකයින් රැකගැනීමට අවි අමෝරා ගෙන සිටියේ අපේ පන්තියේම දරුවන් සහ පියවරුන්ය. අපේ දරුවන්ට පහර දීමට අණ දුන්නේ අපේ දුක , පීඩාව ගැන නොදන්නා අපේ පන්තියේ නොවන උන්ය.

“ලෙනින් කී පරිදි පලන පලන ඔළුවක් ගානෙ සහ මරණ මරණ මිනිසුන් ගානට ඔවුන්ට තරු ,පටි, සම්මාන” ලැබෙති. අසාධාරණ ලෙස, අනීතික ලෙස සිදුවන රාජ්‍ය පාලනය විසින් උතුරේ සහ දකුණේ දරුවන් දහස් ගණනින් සිරගත කොට ඇත . මේ සියල්ල විසඳාගැනීම සඳහා ඇති එකම මග අර⁣ගලයයි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...